(අජන්ත කුමාර අගලකඩ)

සතොස සේවකයන්ට හා ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සේවකයන්ට මේ මාසයේ ප්‍රසාද දීමනා ගෙවූ බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

සතොස සේවකයන් සඳහා රුපියල් 30,000ක දීමනාවක් ද ,වාණිජ විවිධ නීතිගත සංස්ථා සේවකයන්ට රුපියල් 38,500 ක ප්‍රසාද දීමනාවක්ද ලබාදුන් බව ඔහු සඳහන් කළේය .

ඒ වෙනුවෙන් සතොසට රුපියල් ලක්ෂ 1200 ක් ද වාණිජ නීතිගත සංස්ථාවට ලක්ෂ120ක් ද ලබා දුන් බව හෙතෙම කීවේය.

සතොස සහ වාණිජ විවිධ නීතිගත සංස්ථාව වසර පහකට පමණ පසුව ලාභ පෙන්වීම හේතුවෙන් සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට හැකිවූ බව කී ඇමතිවරයා දිගින් දිගටම පාඩු ලැබු ආයතන දෙකක් මෙලෙස ලාභ ලබන්නට හැකි වීම ගැන ඉතා සතුටු වන බව ද සඳහන් කළේය .