(යොහාන් භාසුර)
ඩොලර් හිඟය හේතුවෙන් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,000 ක් පමණ තවදුරටත් වරායේ හිරවී ඇතැයි ආනයනකරුවෝ පවසති.
එම කන්ටේනර්වලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කළ සීනි, ලොකුලූනු, අර්තාපල්, හාල්මැස්සන් කරවල, කොත්තමල්ලි සහ වෙනත් කුළු බඩු ආදි අඩංගු ඒවා බවත් ඇතැම් කන්ටේනර්වල ඇති ආහාර ද්‍රව්‍ය විනාශ වීමේ අවදානමක් ද ඇති බවත් ආනයනකරුවෝ කියති.
ප්‍රධාන පෙළේ ආනයනකරුවෙකුගෙන් මේ පිළිබඳව අද (25) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ ඩොලර් හිඟය හේතුවෙන් කන්ටේනර් නිදහස් කරගැනීම මන්දගාමී වීම නිසා කන්ටේනර් ගොඩගැසී ඇති බවත් කන්ටේනර් නිදහස් කරගන්නා සංඛ්‍යාවට වඩා නව කන්ටේනර් එකතු වීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත්ය.
කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා රජයෙන් ඩොලර් නිදහස් කරන බවට පැවසුවද එය පරිදි නොවන බව ආනයනකරුවෝ වැඩිදුරටත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත වෙන්නැති... අත්‍යාවශ්‍ය ආහාර ගන්නනේ නේද 60ක් පිටරට ගියේ? ඔය කන්ටේනර්වල තියෙන දේවල් නරක් වුණාම ඒවා පොදු ජනයාට බෙදලා දෙන්න පුළුවන්.. මොකද හිතාගෙන ඉන්නේ අපි කන්නේ පුන්නක්කු කියලනේ...