(ඩයනා උදයංගනී)
 
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (23) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය.
 
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 14,852 දක්වා ඉහළ ගොස් ඇත.
 
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 14 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 6 දෙනකු සහ අවුරුදු 30 ට අඩු  එක් අයෙක් ද් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
 
එමෙන්ම පිරිමි අය 12 දෙනකු සහ කාන්තාවන් 8 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.