
(විමුක්ති එස් රුද්‍රිගු සහ ඩයනා උදයංගනී)
මේ විදිහට මේ රට දියුණු කරන්න බෑ .මේ රට තුළට පරිවර්ථනයක් අවශ්‍යයි ,විප්ලවීය වෙනසක් අවශ්‍යයි මේ යන ගමන් මාර්ගය වෙනස් කළ යුතුමයි. මේක දේශපාලන ලෝකේ අයට විතරක් බලපාන දෙයක් නෙමෙයි අපි හැමෝටම බලපානවා මේ සමාජය අර්ථවත් කරන්නට නම් යහපත් කරන්නට නම්. අපි අදහන අධ්‍යාත්මික ප්‍රතිපත්ති පළවෙනි තැනට දාලා කටයුතු කරන ඕනේ.
එක අපි හැමෝගේම යුතුකම එය දේශපාලකයන්ගේ යුතුකම විතරක් නෙමෙයි එය පුරවැසියන්ගේත් යුතුකම. එය පුරවැසියන්ගේ යුතුකම විතරක් නෙමෙයි එය දේශපාලකයින්ගේ යුතුකම. එය අපි හැමෝගෙම යුතුකම.
එහෙම කළේ නැත්නම් අපේ සමාජය හදන්න බෑ .එන්න එන්න අපේ සමාජය පිරිහෙමින් පවතිනවා. පරිසර දුෂණය ඉතාමත් ඉහල මට්ටමක තියෙනවා. අපේ රටේ ලස්සන හරිත රට වියළි කාන්තාරයක් බවට හැරෙමින් පවතිනවා. ක්‍රමක්ක්‍රමයෙන් වනසම්පත විනාශ වෙමින් පවතිනවා. අත්මාර්ථකාමිත්වය නිසා සල්ලි හම්බකරන්න තියෙන කෑදරකම නිසා නිදහස් වෙළඳ ආර්ථික ක්‍රමය ගෙනාවට පස්සේ පිටිරටින් ගේන ඒවා කාලා බීලා ජීවත් වෙනවා මිසක් අපේ රටේ ඒවා නිෂ්පාදනය කරගන්න කිසිම සැලස්මක් නෑ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ.
පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කරගැනීමට නොහැකි වී ඇත්තේ ආත්මාර්ථකාමීත්වය රජ කරන නිසා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
තේවත්ත, ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේදී පැවැති ප්‍රධාන දේව මෙහෙයට එක් වෙමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාදිනල්තුමා කියන දේ ඇත්ත. ඒත් අප රටේ මිනිස්සුන්ගේ ඔළු එක්තරා රාමුවකට කොටු කිරීම දේශපාලනික, ආගමික හා සංස්කෘතික නායකත්වය මගින් තමා කරන්නෙ. දේශපාලකයන්ට බැන්නට ඒ කාලෙ අපි බැන්න අය දැන් දේශපාලනයෙන් හෝ මෙලොවින් සමු අරගෙන. ඒත් සිතුවිලි රටාව වෙනසක් නෑ. හැල හැප්පීම් ප්රතිවිරෝධ අදහස් දක්වන්නන් ලේබල් කරලා ප්‍රතික්ෂේප කිරීම් ආගමික සංස්ථාවට ලංවූ අයවලුන් පවා දක්ෂව කරනවා. ඒත් අලුත් පරපුරේ තරුණ තරුණියන් ඕනාවට වඩා බැහැපත් නැහැ. තමන්ගේ අයිතිවාසිකම් උදෙසා නිර්භයව කථා කිරීම වැදගත් බව ඒ අය දන්නවා. ගතානුගතික සන්සුන් බව මෙන්ම අන්තවාදී කැරලිකාරකම නොමැතිව මූලික සිද්ධීන්වල හේතු ථල විද්‍යාත්මකව සොයන දාට පමණක් අප රටේ මිනිසුන්ට ගැලවීමක් තිවේවි. ඡන්දෙකදි සහන ඉල්ලනවට, වඩා ජාතික ප්‍රතිපත්ති සෑදීමට දේශපාලකයන්ව පෙළඹවිය යුතුයි.
මෙතෙක් රට පාලනය කල බල කදවුරු ගැන කිසිම විස්වායක් නෑ. පැහැදිලි වෙනසක් සිදුවිය යුතුයි
විප්ලවීය වෙනසක්? ලේ සැලෙන විප්ලවයක්ද කාදිනල්තුමනි?