(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල මොරටු මාර්ගයේ කොස්පැළෑන පාලම මතින් බොල්ගොඩ ගඟට වැටී පුද්ගලයෙකු අද (25) පෙරවරුවේ අතුරුදන්ව ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කටුබැද්ද සිරිබර මැණිකේ පුර පදිංචිව සිටි වසන්ත ද සිල්වා වයස අවුරුදු 46ක එක් දරු පියෙකි.
ගඟට වැටුණු පුද්ගලයා සිය බිරිඳගෙන් මීට වසර හතරකට පමණ පෙර දික්කසාද ව තනිව ජීවත් වූ අයෙක් බව පොලිසිය කියයි.
එම පුද්ගලයා ඊයේ දින ද පාලම අසල සැරිසරා ඇතැයි විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි .
බොල්ගොඩ ගඟේ මාළු කොස් පැලෑන පාලම අසල සිට විකිණීමේ යෙදී සිටි පුද්ගලයකු මෙම පුද්ගලයා ගඟට වැටෙන අයුරු දැක තිබූ බව පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පැවසීය .
අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු පොලිස් කිමිදුම් කරුවන් යොදවා සිදුකිරීමට නියමිතය
පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd