(යොහාන් භාසුර)
ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ සහ පාර්සල් බාර නොගැනීමේ වර්ජනයක නිරත වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් 10 කට දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා අද (25) පස්වරුවේ විසඳුම් ලබාදුන් බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
ඒ අනුව රාත්‍රී තැපැල් දුම්රිය සහ දුර ගමන් සේවා දුම්රිය හැකි ඉක්මනින් ආරම්භ කිරීමට දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා එකඟතාව පළ කළ බව ද කසුන් චාමර මහතා කීය.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටු රැස්වීමක් අද (25) පස්වරුවේ පැවැත්වෙන බවත් එහිදී වර්ජනය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවත් කසුන් චාමර මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය සාමාන්‍යාධිකාරීට විසඳුම් දියහැකි ප්‍රශ්න නොවිසඳීමෙන් ප්රශ්නය ඇතිවුණු බව පෙනේ... එහෙම නම් ටිකට් නොදී සිදුවූ පාඩුව ඔහුගෙන් අයකළ යුතුයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ හැමදාම ප්‍රශ්න... කවදාවත් මේ ප්‍රශ්න ඉවරයක් වෙන්නෑ. ඒ වගේම මහජනතාවට නියම සේවයක් ලැබෙන්නෙත් නෑ.. මහජනතාවගේ සහ විදේශ සංචාරකයින්ගේ පහසුව සඳහා කරුණාකර දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලිකකරණය කරන්න.
හැම වර්ජනයටම යටත්වන ආණ්ඩුවක් රටට මොකටද? අර තුනෙන් දෙකේ බලය තියෙන තර්ජනය කරපු ජනපතිමද තාම ඉන්නේ...?