( පාලිත ආරියවංශ)
පිත්තල පහනකින් පහරදී 25 හැවිරිදි විවාහකයෙකු ඝාතනය කළැයි සැකපිට පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
බදුල්ල කරුණාපුර පදිංචිව සිටි මෙහොමඩ් රමේෂ් (25) නමැත්තෙක් මෙලෙස මිය ගොස් තිබේ.
පළමු විවාහක බිරිද පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මරණකරු හා නව බිරිද පොලිසියට කැදවා විමර්ශනයක් කර තිබේ.
එහිදි සමථයකට පත්වීමෙන් පසු දෙවන බිරිදගේ පියා විසින් මරණකරු හා දියණිය වෑන්රියක නංවාගෙන තම නිවසට ගොස් ඇති අතර එහිදි ඇතිවූ බහින් බස් වීමකින් පසු මෙම පහරදීම සිදුකර ඇතිබවත් ඉන්පසු ත්‍රීවිලරයකින් බදුල්ල මහ රෝහලට යවා ඇතත් ඒවන විටිත් ඔහු මියගොස් සිටි බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි
දෙවැනි බිරිදගේ පියා , මව,මල්ලි ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත බදුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේකටම ඉස්සෙල්ලාම ඉස්සර වෙන්නේ අතපය ... නැතිනම් ආයුධ... ඉතින් කොහොමද සමාදානයෙන් ප්‍රශ්න විසඳන්නේ...?