
(සුජිත් හේවාජුලිගේ )
රටේ ආර්ථික අර්බුදය මාස කිහිපයක් නොව තවත් වසර එකහමාරක් පමණ පවතිනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය.
භාණ්ඩ හා සේවාවල බරපතළ හිඟයක් ඉදිරි දිනවල ඇති වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
කෘෂිකර්මාන්තයට අදාළව ගත් වැරදි තීරණ හේතුවෙන් දේශීය ආහාර නිෂ්පාදන සැපයුම විශාල ලෙස කඩා වැටී ඇතැයි පැවසූ දුනුසිංහ මහතා පවතින ඩොලර් හිඟය හමුවේ විදේශයෙන් ආහාර ආනයනය කිරීමද ඉදිරියේ දී බරපතළ ලෙස සීමා වනු ඇතැයිද පැවසුවේය.
විශේෂයෙන්ම පාරිභෝගික භාණ්ඩ වල උග්‍ර හිඟයක් ඉදිරියේදී ඇති වනු ඇතැයිද ආචාර්යවරයා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන වැදගත්ම කරණය තමයි කෘෂිකර්මාන්තයට අදාලව ගත්තු වැරදි තීරණ නිසා මෙම තත්වය ඇතිවී ඇති බව.., නැතිව වසංගතය නිසාවත්, වෙන හේතුවක් නිසාවත් නෙමෙයි.. මෙයට තනිකරම මේ රජය වග කිවයුතුයි. එහෙම තත්වයක් තිබියදී තමයි බන්දුල ඇමැතිතුමා ලැජ්ජා නැති ව ඇවිල්ලා මිනිස්සුන්ට ගෙදර වවාගෙන කන්න කියන්නේ...
රටේ ආර්ථික අර්බුදය ගැන තවත් අනාවැකි කියන්න ඕනෑතරම් කථිකාචාර්ය, මහාචාර්ය ආචාර්යවරු සිටියද? අර්බුදයට විසඳුමක් ඔවුන් ඉදිරිපත් කරන්නේ නැත... ගෙදර ඉන්න පොඩි දරුවෝත් කියනවා රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා ඔවුන්ටත් දැනෙනවාලු. එ්කට හේතුව දරුවෝ කියන්නේ වෙනදාමෙන් බිමට කිරි සහ කෑමබීම ඔවුන්ට ලැබෙන්නේ නැතිලු. මව කෑම බිම සකස් කරන්න බයයිලු. දරුවෝත් හිතනවාලු තව මස 18ක් වගේ වෙද්දී විසඳුමක් ලැබේවි කියලා. ඔවුන් එහෙම කියන්නේ අපේ රටේ ඉන්න ආර්ථික විද්වතුන් කියනදේවල් TV, RADIO වලින් දැකලා අහලා කියලා මට හිතුණා...
ජනතාව රජයේ රැකියා මත යැපීමට බලා සිටීම මේ රට බංකොළොත් වීමට තවත් ප්‍රධාන සාධකයකි. රටේ දේශපාලකයින් විශාල වශයෙන් වැරදි සිදුකිරීමට හේතුවද ජනතාවගේ හැසිරීමයි. දේශපාලකයින් පාමුල වැටී රජයේ රැකියා ඉල්ලගත් පිරිස අතර රැකියාවට පත්වූ පසු වැඩ නොකර සිටීමට උපරිම උත්සාහ කරන විශාල සංඛ්‍යාවකි. අනෙක් අතට උපාධියක් අතැතිව ලිපිකරු වැනි රැකියාවක නියැලීම ඉතාමත් අතෘප්තිකර විය හැකිය. අද මේ රටේ තරුණ පිරිස තාක්ෂණ සහතිකයක් හා පිළිගත් ආයතනයක අවුරුදු දෙකක් සේවය කර තිබුණේ නම් මැද පෙරදිග මෙන්ම ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටක මසකට ලක්ෂ 10කට වඩා වැඩි වැටුපකට යා හැක. ‘රජයේ රැකියා’ යන රාමුවෙන් ඔබ්බට ගිය අය ජීවිතය විඳියි.. කරන්නන් වාලේ රජයේ නොගැලපෙන රැකියාවක එල්ලී සිටින්නා රටටද සේවයක් නොකරන අතර ආත්ම තෘප්තියක් නැතිව කල් ගෙවයි. වෙනස් ලෙස සිතීම සැමට යහපත්ය.
මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න මාස 18ක් කිසිසේත්ම මදි. එ්ක හොරු සහ ජාතිවාදීන් බහුල රටවල් දියුණුව ලැබූ ඉතිහාසයක් ලෝකයේ දැකලා තියෙනවාද? දියුණු වෙන්න නම් විවෘත දියුණු මනසක් මහජනතාව ඇති කර ගන්න වුවමනායි...
ඇත්ත කතා කළොත් ඉන්න තැනින් ඉල්ලා අස්වෙන්නයි වෙන්නේ. සර් ෆේල් කියලා මේ මෝඩ ජනතාවට කවදා තේරෙයිද දන්නේ නැහැ...