මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම නවතා එම මුදල් කොරෝනා මර්දනයට යොදවන්න
රටේ ජනතාවට කොරෝනා එන්නත ලබා දීමටත්, අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ තුලින් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමටත්, කඩා වැටුණු ජන ජීවිත නැවත පිළිසකර කිරීමටත් ඇතුළු බොහෝ ජනතාවාදී කටයුතු තිබියදී, කඩිමුඩියේ වාහන ගෙන්වීම පිළිබඳව සමඟි ජනබලවේගයේ දැඩි විරෝධය පලකරන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.