(යොහාන් භාසුර)

වර්ජනයේ නිරතව සිටින දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් අතර අද (24) පස්වරුවේ පැවැති සාකච්ඡාව අසාර්ථක වීම නිසා වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.

ඒ අනුව පාර්සල් බාරගැනීමේ සහ ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග තව දුරටත් ක්‍රියාත්මක කරන බව කී ලේකම්වරයා සෙසු දුම්රිය වෘත්තීය සමිති ද එකතු කරගනිමින් 26 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.