
(සුජිත් හේවාජුලිගේ )
චීන පොහොර නැව පිටුපස කොමිස් තිබුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතා අනාවරණය කළේය.
එක රැයෙන් කාබනික පොහොර වලට යෑම මෝඩ තීන්දුවක් බව පැවසූ මහාචාර්යවරයා තමා ඒ තීන්දුවට මුල සිටම විරුද්ධව සිටි බවද සඳහන් කළේය.
ඊට විරුද්ධව අදහස් පළ කිරීම නිසා සමහරුන් තමා සමඟ අමනාපයෙන් පසුවූ බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාද තමා සමඟ එසේ අමනාපයෙන් පසුවූ අයකු බවත් ඔහු කීවේය.
මේ අය තමාට විරුද්ධව ජනාධිපතිවරයාට කේලම් කියන්නට ඇතැයි තමා විශ්වාස කරන බවද උදිත් ජයසිංහ මහතා පැවසුවේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිත හොඳ පුද්ගලයකු වුවත් කලබලකාරීව වැඩ කරන අයෙකු බවද ඔහු කීය.
තමා සහ අලුත්ගමගේ මහතා අතර සමහර කරුණු සම්බන්ධයෙන් මතවාදී නොගැලපීම් ඇතිවූ බවද මහාචාර්යවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන් යනකොට දේශපාලඥයාත් මහාචාර්යවරයාත් යනු එකම කාසියක දෙපැත්තක් පමණයි. දෙදෙනාටම වැරැදි පේන්නේ බලය ගිලිහුණුදාට... තනතුරු, තානාන්තර, වරප්‍රසාද තිබෙන තාක් කිසි වැරැද්දක් නැහැ. අර සහෝදරවරු කිව්වා වගේ “උනුත් එකයි මුනුත් එකයි“.
කොමිස් තිබුණු බව දැන දැනත් එය වසන් කළ එක වැරැදියි. දැන් කරුණු හෙලිකරන්න CID එකට යන්න ලෑස්ති වෙන්න...
මම හිතන්නේ මේ පලකරලා තියෙන්නේ යූ ටියුබ් නාලිකාවක විකාශන සාකච්ඡාවක කරුණුයි. ඔහු පළකළ අදහස් වලින් විතැන් වූ අදහස් මෙහි පළව ඇතිබව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුයි. මේ ඔබට ලබා දුන්නු සාකච්ඡාවක් නම් ඔබ නිවැරැදියි...
වැඩේ වැරදුණාම බයිලා කියවනවා. අනේද කියන්නේ..?
මේ පාදෙණිය නොදන්නා මගුලක් නැහැ. මේ ජනාධිපතිත් උපදෙස් ගන්නේ විෂයභාර විද්වතුන්ගෙන් නොවේ. පාදෙණිය දන්නවද පොහොර ගැන...?
අසූචි නැවට වුනේ නැව ලංකාවට එන්නත් කලින් කොමිස් ටික ලහිලහියේ බෙදාගැනීමයි. දැන් ගෙවන්න යන්නේ ඒවා රාජ්‍ය අරමුදලින්. කොහොමද ගැහිල්ල...?
කොමිස් නැති මිලදී ගැනීමක්, කොන්ත්‍රාත්තුවක් තිබුණොත් පත්තරේ දාන්න. ඒක තමයි ප්‍රවෘත්තිය. කොමිස් ගන්නවා කියන එක දැන් සාමාන්‍ය දෙයක්...
මේ පිටිගල වුවමනාවෙන්ම යට ගැහුවා. යහපාලනය කාලේ එංගලන්තයෙන් ගෙනාපු කුණු කන්ටේනර් තොගය... ආවා. නැවත යැව්වේ වර්තමාන ආණ්ඩුවෙන්. ඒකෙ කොමිස් ගැහිල්ලක් නැද්ද?
අද පෝරත් නෑ. වගාවකුත් නෑ. කාබනිකත් නෑ. අහිංසක ගොවියාත් නැත්තටම නැතිවෙලා. ඒ මදිවට කොහෙද යන අසූචි නැවකට වන්දි ගෙවන්නත් වෙලා... කොහොමද දියසේන කුමාරයාගේ ඉදිරි දැක්ම..? රෙස්පෙක්ට් ස' ..!
ඔන්න ඔන්න වැට පනිනවා. අඬු කඩාගෙන තමයි නවතින්නේ...
උනුත් එකයි, මුනුත් එකයි, සහෝදරවරුනුත් එකයි කියන එක පදනමක් නැති මෝඩ ගතානුගතික අදහසක්. එහෙනම් අපි ආයිමත් සජිත්ට බලය දීලා ඊට පස්සේ බැන බැන ඉමු...
මේ නිලධාරින් ඔක්කෝම එකයි. මම චීනෙන් කෘෂිකාර්මික උපකරණ වගයක් ගෙනාවා මග් වත්තට අවශ්‍ය කරන බට සහ සම්බන්ධ කරන කෑලි, සෝලාපවර් ලයිට් (කරන්ට් නැති නිසා), කැන්වස් හෝස්. වටිනාකම USD 2000ට අඩුයි. ටැක්ස් එක රු. 175000 යි. ලංකාවේ රේගුවේ PVC සහ HDPE කියන දෙක අතර වෙනසක් නැහැ. HDPE හෝස් වලටත් ගහන්නේ PVC වලට ගහන ටැක්ස් එකමයි. ඒ ගොල්ල දන්නේ නැහැ... HDPE
HDPE කියන්නේ කෘෂිකාර්මික සහ සාමාන්‍ය ආහාර සඳහා පාවිච්චි නොකරන අමුද්‍රව්‍ය වලින් හදන බට කියලා. එහෙම දැනදැන ටැක්ස් එක ගහනවා PVC මිලට. පස්සේ කියනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලියුමක් ගේන්නලු. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කියනවා ග්‍රාමසේවකගෙන් සහ ප්‍රාදේශීය ලේකම්ගෙන් ලිපි ගේන්නලු. ප්‍රාදේශීය ලේකම් හොයන්න දැල් දාන්න ඕනෑ. කොහොම හරි ප්‍රාද්ශීය ලේකම් කාර්යාලයේ සාමාන්‍ය නිලධාරියෙක් සහතික කරන ලියුම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගෙනාවාම අරයා තමයි අත්සන් කරන්න ඕනෑ අරයාට දෙන්න මෙයාට දෙන්න කිය කිය වටේ යවනවා. මේ දේශපාලුවන් විතරක් නෙවෙයි, මේ නිලධාරිනුත් රටේ අවාසනාවට පහළ වෙච්චි කාලකන්නි....
යාළුවෙලා අත්ඇරියාම නරකයි කියලා හැමතැනම කිය කියා යන ජාතියේ කතාවක්නේ. මේක තමන්ගේ තනතුරේ ඉන්දැද්දී මේක කිව්වා නම් බොරු වුණත්, ඇත්ත වුණත් පිළිගන්නවා. පස්සට දෙකක් දීලා පෙන්නුවාම ඇත්ත කිව්වත් පිළිගන්නේ නෑ මිනිස්සු. මේ අය අරන් ගිහින් ප්‍රශ්න කළ යුතුයි. යම් දූෂණයක් සිදුවෙලා නම් ඒකට මේ අය සෘජුව වගකිව යුතුයි. කරුණු දැන දැනම සඟවාගෙන සිටීම සම්බන්ධව ඒ වගේම ඒකේ වග උත්තරකරුවෙක් විය යුතුයි.