
(ළහිරු හර්ෂණ)
කොවඩි 19 ආසාදිතවන අංගොඩ රෝහලේ ප්‍රතිකාර ගෙන සුව වූ නව හැවිරිදි ස්නේහා අමරදේව නම් දියණිය තමා රෝගී කාලයේ වූ අත්දැකීම් අලලා ග්රන්ථයක් රචනා කර කළාය.
එහි පළමු පිටපත මවට හා තමාට ප්‍රතිකාර කළ අයි.ඩී.එච් රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පිරිනැමුවාය.
අගේ එම ග්රන්ථයට ‘‘මං ස්නේහා‘‘ නමින් නම තැබුවාය. කළුතර බාලිකා ජාතික පාසලේ හතව වසරේ ඉගෙනුම ලබන ඇය කොරෝනා ආසාදිතව මසකට ආසන්න කාලයක් අංගොඩ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලැබුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුවේ ඔබට නිදුක්, නිරෝගී සම්පත්තිය ලැබී රටට සේවයක් කිරීමට වාසනාව උදාවේවා !!!
චූටි දුවේ... ඔබගේ දක්ෂතාවය ගැන හරිම ආඩම්බරයි. ඔබට හදවතින්ම සුබ පතනවා. ඔබගේ දක්ෂතාවයන් දියුණු කරගෙන තව තවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා කියලා.. පිටරට ඉන්න අපිටත් මේ පොත කියවන්න තිබුණා නම් කියලා හිතෙනවා.
තම ලැබූ අත්දැකීම අව්‍යාජව සංස්කරණයකින් තොරව ලියා ඇති අතරම අප ජීවත්වන රටේ, සමාජයේ සහ ඇතැම් ආයතනවල සත්‍ය අවශ්‍යයෙන්ම සිදුවන ක්‍රියාදාමය සහ සිදුවන දේ එලෙසින්ම කියා තිබෙනවා. මෙවැනි අත්දැකීම් අපහට තිබුණාද? කාට කියන්නද? කොහොම කියන්නද? යන දේ ගැන අපි අසරණ වුණු අවස්ථාවල මෙවැනි පොතකින් හෝ පෙන්වා දුන්නට ස්තුතියි. අනාගතයට සුබපැතුම්...
ස්නේහා දුව, ඔයාලගේ පවුලේ සියලු දෙනාම කොරෝනා පළමු රැල්ලට හසුවුණා.. සීයා, ආච්චි, අම්මා, මාමා සියලු දෙනාම රෝහල් ගතවුණා. අපි නිවසේ සිට ඔයාලට නීරෝගී සුවය පැතුවා! ඔයාලගේ පවුලේ කොරෝනා වයිරසයෙන් සිදුවූ සත්‍ය කතාව පොතකට පෙල ගස්වා ලියන ලද මෙම පොත වැනි පොත් ලිවීමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා! දුවට සුබ නවවසරක් වේවා!