
(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරු අද (24) පෙරවරුවේ ආරම්භ කළ ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට රුපියල් ලක්‍ෂ 80 ත් 90 ත් අතර පාඩුවක් වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දිනක ප්‍රවේශපත්‍ර ආදායම ලක්‍ෂ 80 ත් 90 ත් අතර වන බව කී දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපතිවරයා උත්සව සමය හේතුවෙන් එම ආදායම මේ දිනවල ඊට වඩා වැඩිවිය හැකි බව ද සඳහන් කළේය.
රුපියල් බිලියන ගණනින් පාඩු ලබමින් තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුව මේ ආකාරයට පාඩුව වැඩි කළ ගත හොත් තව දුරටත් අමාරුවේ වැටෙන බවත් බලධාරීන් විසඳුමක් ලබානොදුන හොත් අනිද්දා (26) මාධ්‍යම රාත්‍රී 12.00 සිට අනිවාර්යෙන්ම අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කීය.
දුම්රිය ස්ථානාධිපතිවරු කිසිවිටක මගීන් අපහසුතාවට පත්කිරීමට කැමැත්තක් හෝ උත්සාහයක් නොමතැ බව කී සෝමරත්න මහතා සඳහන් කළේ උසස්වීම් සහ බඳවාගැනීම් වැනි ස්ථානාධිපතිවරුන්ට ලබපාන කරුණු වගේම ජනතාවට ප්‍රමාණවත් පරිදි දුම්රිය ධාවනය නොකිීම සහ අනතුරුදායක සංඥාා පද්ධතිය යථාතත්වයට පත්කිරීම යක කරුණුවලට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකට් දෙන අයගෙන් අයකරගන්න. නැතිනම් ඔවුන් ටික එළවලා දාන්න. මේ තරම් උද්ඝෝෂණ ඇති රටක් ලොවෙත් නැහැ.
මොනවා කරත් මාසෙ අන්තිමට පඩිය ලැබෙනවනේ...!
වත්මන් තත්වය අනුව කිසිසේත්ම දුම්රිය ගොඩ දාන්න බැහැ... අනවශ්‍ය තරම් සම්පත් ගොඩගසනවා. මෙපමණ මැදිරි අවශ්‍ය නැහැ. මේ තරම් දුම්රිය අවශ්‍යත් නැහැ. ඉතාම විද්‍යාත්මක කළමනාකරණයක් මගින් සේවා කපා හැර අතිකාල, බටා, ඕ.ටී. සීමාකර පාඩු නොලබන තත්වයට පත්කළ යුතුවේ. පඩි මෙන් තුන්, හතර ගුණයක් දීමනා ලබාගනිමින් තියෙන වැඩෙත් නොකරන සේවකයන් නිසා වලපල්ලට යාම ඉක්මන් වෙනවා. එමෙන්ම ඉන්දියානු දුම්රිය සමාගමක කළමනාකරණයට යටත් කිරීමෙන්ද යම් ප්‍රගතියක් අත්කරගත හැකියි...
ආයතන සංග්‍රහය දෙවැනි කාණ්ඩයේ වරදවල් පිළිබඳ පළමුවන උපලේඛනයේ (7),(8),(9) වගන්ති අනුව මොවුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කල හැක්කේ ආයතන සංග්‍රහයේ රෙගුලාසි ගැන දැනීමක් ඇති බලධාරීන්ට පමණි