
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කඩුවක් රැගෙන මොරගහහේන ධම්මානන්ද ප්‍රදේශයේ සැරිසරමින් කාන්තාවන් බිය කිරීමට උත්සාහ දැරූ පුද්ගලයකුට කාන්තාවන් පිරිසක් විසින් අතින් පයින් සහ පොලු වලින් පහර දී රෝහල්ගතකර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
වයස අවුරුදු 35ක් පමණ වන එම පුද්ගලයා අවස්ථා කිහිපයකදී ධම්මානන්ද ප්‍රදේශයේ නිවාස කීපයකට කඩුවක් රැගෙන ගොස් " මාව හඳුනනවා දැයි ," කාන්තාවන් ගෙන් විමසා ඇති අතර හඳුනා ගැනීමට අවශ්‍යතාවයක් නැතැයි පැවසීමෙන් අනතුරුව සැකකරු කඩුවෙන් පහර දීමට උත්සාහ කිරීමේදී කාන්තාවන් පිරිසක් එක් වී වට කිරීමෙන් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි .
තුවාල ලබා මාර්ගයේ වැටී සිටි පුද්ගලයා ඔහුගේ මිතුරන් විසින් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත
කාන්තාවන්ගෙන් පහරකෑ පුද්ගලයා මීට පෙර අවස්ථා කිහිපයකදීම මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බවත් පොලිස් නිළධාරියෙකු පැවසීය
තුවාල ලබා සිටින පුද්ගලයා මොරගහහෙන ගොඩැල්ල හේන ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත් පොලිසිය කියයි .මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් සංජිව මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා... !!!
ඡන්දෙ ඉල්ලන් එන එවුන්ටත් ඔය සංග්‍රහය කළ යුතුමයි...
ආදර්ශමත් වැඩක්. කඩුවක් අතැතිව පැමිණි පුද්ගලයාට කාන්තාවන් විසින් අතින් පයින් පමණක් පහර දීමත් ඔහුගේ ජීවිතයට හානියක් නොකිරීමත් ඉතාම ආදර්ශමත්. ඉතිරි හරිය රටේ පවතිින නීතිය විසින් අල කර නොදමාවි යැයි විශ්වාස කරමු...
ආයෙත් ජීවිතේට කාන්තාවන්ට විතරක් නෙමෙයි ,බැඳපු එකෙක්නම් ගෑනිටත් පල් පාට් දාන්න යන එකක් නැහැ