
(රංජන් කස්තුරි)
රටපුරා වෙළෙඳසැල්වල භූමිතෙල් ලිප්වල මිල ඉහළ ගොස් ඇතයි වාර්තා වෙයි.
භූමිතෙල් ලිපක් මාසකීපයකට පෙර රුපියල් 1500ත් 2500ත් අතර මිලකට අලෙවි කෙරුණු අතර මේ වන විට ඒවායේ මිල රුපියල් 6000 පමණ දක්වා වැඩි වී තිබෙන බව ද වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.
මේ අතර භූමිතෙල් ලිප්වලට අධික ඉල්ලුමක් පවතින හෙයින් ඒවායේ හිඟයක් මතුව තිබෙන බව ද වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම භූමිතෙල් ලිපක් දැක්කේ අදයි. 6000 කට විකුණනවා කියන්නේ මේකද?.
ඒකෙනුත් ගසාකන්නේ අතරමැදියා. මේ රටට ඇත්තට ආණ්ඩුවක් ඕනෙද?
මේ ඔක්කොම කරදර සර්ට් පින් සිද්ද වෙන්න
මේ වගේ ගොං ආතල් තමයි අපේ මිනිස්සු කරන්නේ..කල දුටුකල වල ඉහගන්නවා..මිනිස්සුන්ගේ අමාරුව තෙරුම් ගන්නේ නෑ..මේක විස්මකර්ම වැඩක් නෙමෙයි..මේක හදන්න හරිම ලේසි..මෙච්චර ගාණ වැඩිකලේ මේක මොකක් කොයලා හිතලද දන්නේ නෑ..
මේ දිනවල වැඩි මිලට විකුණන සෑම භාණ්ඩයකම ලාබය ගන්නෙ අතරමැදියා . ගොවියාට වත් නිෂ්පාදකයන්ටවත් ලැබෙන්නේ නැහැ. හාල් වල ඉදලා ඔක්කොම එහෙමයි.