
'කොවිඩ් 19‘ බූස්ටර් එන්නත ලබා දී ඇති බ්‍රිතාන්‍ය වැසියන්ට, සති 10 කට පසු, සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීම කළ යුතු යැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් එරට රජයට උපදෙස් දී ඇතැයි ‘ඩේලිමේල්‘ වෙබ් අඩවිය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය වැසියන්ට බූස්ටර් එන්නත් ලබා දීම සිදුවූයේ ‘ඔමික්‍රෝන්‘ විකෘතිය බිහිවීමටත්, එය එරට සමාජ ගතවීමටත් පෙරය.
කෙසේ නමුත් අද වනවිට ‘ඔමික්‍රෝන්‘ විකෘතිය ඉතාමත් වේගයෙන් බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙන්නේ එසේ බූස්ටර් එන්නත් බොහෝ දෙනකුට ලබා දී තිබියදීය. පළමු ‘ඔමික්‍රෝන්‘ මරණය වාර්තා වූයේ ද බ්‍රිතාන්‍යයෙනි.
බ්‍රිතාන්‍ය වැසියන්ට බූස්ටර් එසේත් නැතිනම් තෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ලබා දී ඇත්තේ ‘ෆයිසර්‘ හෝ ‘මෙඩර්නා‘ යන එන්නත්ය.
බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී ඇති අන්දමට සති 10 ක් ගත වෙද්දී, බූස්ටර් එන්නත ලෙස ලබා දුන් ‘ෆයිසර්‘ එන්නත ‘ඔමික්‍රෝන්‘ විකෘතිය හමුවේ සියයට 35 කින් ද, ‘මොඩර්නා‘ බූස්ටර් එන්නත සියයට 45 කින් ද අඩු වන බවය.
මේ අතර, ‘ඔමික්‍රෝන්‘ විකෘතිය ‘ඩෙල්ටා‘ වැනි සෙසු කොවිඩ් විකෘති මෙන් බිහිසුණු නැතැයි ලෝක සෞඛ්‍ය අවධාරණය කර තිබියදී, සිවුවැනි එන්නතක් ලබා දීමට තීරණය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසියන් අතරේ අප්‍රසාදයක් ගොඩ නැගී ඇතැයි ද ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දෙයි.
(ඩේලිමේල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් මේවා දකිනකොට, එන්නත් ගන්න කියනකොට කාඩ්පත අනිවාර්ය කරනකොට හිතෙන්නෙම කොරෝනා කියන්නේ බෙහෙත් මාෆියාවක් කියලාමයි...
ඕනේ ගොනෙකුට තේරෙනවා මුන් කරන්නේ බෙහෙත් විකුණා ගන්න කරන කෘර උපක්‍රමයක් කොරෝනා කියන්නේ.කඩා වැටුණු බලවත් රටවල් ඔක්කොම ගොඩ ගියේ කොරෝනා වලට වැක්සින් හදලා.දැන් අපිට ණයත් දෙනවා.කොහොමද සුද්දාගේ මොලේ.අපි එදත් රැවටුනා අදත් කොමිස් වලට රැවටෙනවා.කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් ,මේක ජාත්‍යන්තර ගේමක්.බෙහෙත් ජාවාරමක්