
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ දිනකට කඩදාසි කිලෝ 1200ක් පමණ භාවිත කෙරෙන බව මෑතකදී කළ අලුත්ම අධ්‍යයනයකදී සොයාගෙන ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ හැන්සාඩ් මුද්‍රණය සඳහා දිනකට රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වන බවද හෙළිවී ඇත.
පාර්ලිමේන්තුවේ දිනකට වැය කෙරෙන කඩදාසි නිපදවීම සඳහා අඩි 40 ගස් තිස්හතක් කපා දැමීමට සිදුවන බව පරිසර විශේෂඥයෝ පවසති.
කඩදාසි වලින් තොර පාර්ලිමේන්තුවක් බිහි කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ඊයේ ආරම්භ කළේය.
මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූවේ මන්ත්‍රීවරයා පවා වැසෙන ප්‍රමාණයට පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ මන්ත්‍රී මේස මත පොත්පත් පිරී ගොස් ඇති බවයි.
මෙය විශාල මුදල් නාස්තියක් මෙන්ම පරිසර දූෂණයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා සතුටුයි. පුද්ගලික අංශයේ නම් යම් තරමකට මෙය සිදුකරනවා. අනෙක් රාජ්‍ය ආයතන වලටත් මෙය හඳුන්වා දිය යුතුයි.
"පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ මන්ත්‍රී මේස මත පොත්පත් පිරී ගොස් ඇති බවයි." එසේ පොත්පත් පිරී තිබුණත් "හරකුන්ට" අකුරු කියවීමට ඥාණයක් නැති බව මේ අයට නොතේරීම අරුමයකි.
තාක්ෂණය කොතෙක් දියුණුවට පත්වුණත් හණමිටි අදහස් වෙනස්වෙලා නැහැ. ඉතින් රටක් සංවර්ධනය කරන්නේ කොහොමද? කියමුකෝ බලන්න.. දිනකට කෝටියක කඩදාසිවලින් කොපමණ හැන්සාඩ් ප්‍රමාණයක් සකසනවාද..? ඒවාට මොකද කරන්නේ? විකිණීම කරනවා නම් ආදායම් නැද්ද? විකුණන්නේ නැත්නම් අනවශ්‍ය ලෙසට සකසන්නේ කුමටද?
කොළවලින් කාක්කෝ ගහනවද? බෝට්ටු හදලා දියවන්නාවට දානවද? නැතුව වෙන මොනවා කරන්නද?
කොළ හදන්නේ පිදුරුවලින්... හරක් පිදුරුවලට ආසයි...