
(සුරංග රාජනායක)
“බාප්පලාගෙ ගෙදර හිටිය පොඩි අක්කා අපේ ගෙදරට ගෙන ආවට පස්සෙ එයාට හිටගෙනවත් ඉන්න බැරි තරමට අමාරුවෙන් හිටියේ.කීප සැරයක් එයාට වමනේ ගියා. විකාර දෙඩෙව්වා. නින්ද ගියේ නෑ.තාත්තා රෑ 2ට විතර නැගිටලා පොඩි අක්කට බැන්නා අපට නිදාගන්නවත් නෑ කෙඳිරිගානවා කියලා. එහෙම කියලා තාත්තා පොඩි අක්කට ලීයකින් දෙකක් ගහලා ගෙයින් එළියට දැම්මා. මමයි අම්මයි ලොකු අක්කයි නංගියි සේරම පොඩි අක්කා එක්ක මහ රෑ එළියට ගියා” යැයි පියාගේ හා බාප්පාගේ පහරදීමකින් පසුව මියගියා යැයි සැකකරන 14 හැවිරිදි නිපුනි නුවන්තිකා බණ්ඩාර දැරියගේ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඇගේ නැඟණිය වන දොළොස් හැවිරිදි පවනි නෙත්මිණි බණ්ඩාර දියණිය සාක්කි දෙමින් පැවැසුවාය.
ගම්පොළ මහේස්ත්‍රාත් සහ දිසාවිනිසුරු ශ්‍රීනිත් විජේසේකර මහතා විසින් මියගිය නුවන්තිකා බණ්ඩාර දැරියගේ නිවසට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විය.
ගම්පොළ මවුන් ටෙන්පල් ජනපදයේ පදිංචි නුවන්තිකා දැරිය ගම්පොල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ 9 වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියාය.
ගම්පොළ අංගම්මන පිහිටි බාප්පාගේ නිවෙස වෙත ගොස් ඇති නුවන්තිකා මෙම 19 වැනිදා යළි නිවසට රැගෙන එනු ලැබ සිටියාය.
බාප්පාගේ නිවසට ගොස් සිටියදී බාප්පාගේ දියණිය හා නුවන්තිකා එම ප්‍රදේශයේ තරුණයකු සමග පේර කැඩීමට ගොස් සිටියදී එය දැක ඇති යම් කෙනකු ඒ බව බාප්පාට දැන්වීමෙන් පසු ඔහු දැරියන් දෙදෙනාම කැඳවා අවවාද කර පහරදී ඇති බව හෙළිවී තිබුණි.
මෙම පහරදීමෙන් පසු නිවෙසට ගෙනා නුවන්තිකා අසනීපව අසාධ්‍ය තත්ත්වයෙන් පසු වුවද කිසිවකුත් ඇය රෝහල්ගත කිරීමට හෝ පියවර ගෙන නොතිබූ අතර යළිත් ඇයට පියාද පහරදීම නිසා 21 දින උදෑසන වන විට ඇය දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්ව සිට ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.
එහිදී ඇගේ නිවස අසල ඥාතී නිවසකට ඇය රැගෙන ගිය පසු එම ඥාතීන් ඇය රෝහල් ගත කිරීමට සූදානම් වුවත් පියා එයටද ඉඩ ලබාදී නොමැති බව මෙහිදී අනාවරණය විය.
තවදුරටත් මූලික සාක්ෂි දෙමින් පවනි බණ්ඩාර දැරිය මෙසේ කීවාය.
පොඩි අක්කා උඩහ අයියලගෙ ගෙදරට අරන් ගියාට පස්සේ අම්ම ගමේ නැන්දා කෙනකුට කියලා දෙහි ගෙඩියක් මතුරලා ගෙනත් දෙන්න ඕනෑ කිව්වා.
මෙහිදී අසල්වැසි ඥාති කාන්තාවක වන රහදිය වෙද රාලලාගේ තිළිණි මනිෂා මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී මෙසේ පැවැසුවාය.
නුවන්තිකා මගේ සැමියාගේ ලොකු අම්මගෙ දුව. එයාට අංගම්මන බාප්පලගෙ ගෙදර දී පහරදීලා කියන ආරංචියට මගේ මහත්තයයි අනෙක් අයයි ත්‍රීවිල් එක අරන් ගිහින් නංගි ගෙදර ගෙනාවා. එයා දවස් දෙකක් කාලා තිබුණේ නෑ විකාර දෙඩෙව්වා. කියන ඒවා පැහැදිලිව ඇහුණේ නෑ උගුරෙන් තමයි ශබ්දය පිට වුණේ.
එයා මට කීවා මම මහණ වෙන්න යනවා ඔයත් එනවද මගෙත් එක්ක යන්න කියලා. පස්සේ දවල් එක හමාරට විතර එයා වතුර ඉල්ලුවා. මහත්තයා එයාට යෝගට් ටිකක් කැව්වා. අයිස් වගේකුත් දුන්නා. දවල් දෙකට විතර ඇඳේ හිටිය එයා එකවරම ගල් වුණා, හුස්ම ගත්තෙ නෑ.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුර සාක්ෂි විභාගය ලබන 29 වැනිදා කල් තැබිණ.
එදිනට සාක්ෂිකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.
ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර, උපපොලිස් පරීක්ෂක අසංක යන නිලධාරීන් එහිදී සාක්ෂි මෙහෙයවීම හා සටහන් කිරීම සිදු කළහ.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ මෙම දැරිය කල් වේලා ඇතිව රෝහල්ගත කළා නම් ඇය බේරා ගැනීමට තිබූ බවය. මවුපියන් හා ඥාතීන් ප්‍රාථමික අයුරින් කටයුතු කිරීම නිසා අඩු වයස් දරුවකු මෙසේ මිය යෑම කනගාටුදායක තත්ත්වයක් බවද සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සමාජයේ මානව ගුණධර්ම ඉතාම පහත් තත්වයකට වැටිලා තියෙන්නේ... ඔක්කොම ඉස්සර මිනිස්සුන්ගේ ඉවසීම්, ගුණධර්ම, මානසික සෞඛ්‍යය දියුණු කරන්න බලවත් යාන්ත්‍රණයක් හැදිය යුතුයි...
ඉතා කණගාටුයි. අනුකම්පාව ගැන තුට්ටුවක් හෝ නොදන්නා පියා සහ බාප්පා...!
තිරිසනුන්ට ජාතක වුණාම මෙහෙම වෙනවා දුවේ. මතු සංසාරයේදී මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවායි ප්‍රාර්ථනා කරමි. නිවන් සුව ලැබේවා..
කෝ පාකිස්තානු කට්ටියට කෑ ගහපු සෙට් එක දැන්...?
පව්, තවත් අහිංසක දරුවකුගේ ජීවිතයක්, දෙමව්පියන් විදිහට දරුවන් ගැන මීටා වඩා සංවේදීව හා මානුෂිකව කටයුතු කළ යුතුයි. මොන නීති තිබුණත් වැඩක් නැත. වැඩිහිටියෝ නොසැළකිලිමත්ව කටයුතු කළ බව පේනවා..
මිනීමරු මෝඩ පියා සහ බාප්පා නිරාහාරව තබා මරාදැමීමට නීති ඕනෑ. අම්මා අසරණ ඇති.
යොමා බුදු නෙත කුළුනිනේ... වඩිනු මැන නිදුකාණනේ... කාලයයි, දීපයයි, දේසයයි නිදුකාණනේ... වඩිනු මැන නිදුකාණනේ...
මේ සිද්ධිය නම් ඉතාම කණගාටුදායක සහ ප්‍රාථමික අයුරින් කටයුතු කිරීම තමයි. මම මේ ප්‍රවෘත්තිය කියවද්දී දැක්ක දෙයක් තමයි සාක්ෂි දුන් කෙනාගේ නම ''රහදිය වෙදරාලලාගේ තිළිණි මනිෂා'', මේ නම දැක්කාම හිතෙන දෙයක් තමයි ඉස්සර අපේ වෙදමහත්තුරු ගුරුකුල ඉඳලා තියෙනවා රසදියවලින් බෙහෙත් කරන... අඩුම ගානේ මේ නම් හලන්නේ නැතුව පවත්වාගෙන එකත් හොඳ දෙයක්... කොහොම වුණත් අසරණ දරුවාට නිවන් සුව. මේ උඩින් පල්ලෙන් බලලා කතා හදන ඔවුන්ටත් හොඳක් වෙන්න එපා. ඕපාදූපයක් නිසා අහිංසක දරුවෙක් නැති වුණා...
මේ දැරියගේ මරණයට තිරිසන් බාප්පා සහ පියා වගකිව යුතුයි. පවුකාර මිනිස්සු ඇයට හිංසා නොකළා නම් අදත් ජීවත් වෙනවා.
තාත්තවයි, බාප්පාවයි අත්අඩංගුවට ගත්තේ නැද්ද?
මේ සම්බන්ධව බාප්පා සහ පියා අත්අඩංගුවට ගැනීම කල යුතුව තිබුනා ,දෙමාපියන් දරුවන්ට තරවටු කල යුතු උනත් මේ ආකාරයෙන් අමානුෂිකව වදහින්සාවන්ට ලක් කිරීම කරන්න බෑ .දෙමව්පියන්ට උනත් දරුවන්ට පහර දෙන්න බෑ .ගුරුවරුන්ටත් එහෙමයි .මේ අයට දඬුවම් දීමෙන් සමාජයේ අය යම් පාඩමක් ඉගෙන ගනී
රසදිය වලින් බෙහෙත් හදන බුරුවො වගේ අය මේ මරන වලට වගකිව යුතුයි ????
පියා සහ බාප්පා මෙම දරුවා ලිංගික සෙල්ලම් බඩුවක් ලෙස භාවිතා කරනු ඇත, අද බොහෝ පියවරුන් සහ බාප්පා වරුන් සතුන් ලෙස දැකිය හැකිය.
ඉතාම කණගාටුයි... ඇප නම් දෙන්න එපා. යවන්න ඕනේ එල්ලුම් ගහට...