
(ඩයනා උදයංගනී)
කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ අඩංගු දූවිලි අංශු ප්‍රමාණයේ ඉහළයාමක් මේ දිනවල දක්නට ලැබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.
මෙම තත්වය තවත් සතියක පමණ කාලයක් පැවතිය හැකි බවත්, ජනතාවගේ සෞඛ්‍යට අහිතකර තරම් දූවිලි අංශු වැඩිවීමක් සිදුව නොමැති බවත් හෙතෙම කීවේය.
සුළං රටාවල වෙනස්වීම් සමඟ මෙම දූවිලි අංශු කොළඹ වායුගෝලයෙන් ඉවතට ගසාගෙන යනු ඇතැයි ද ඔහු පැවසීය.
මේ දිනවල වායුගෝලීය දූවිලි අංශු ප්‍රමාණයේ ඉහළයාම හේතුවෙන් මෙන්ම පවතින මිහිදුම් තත්වයද හේතුවෙන් උදෑසන මෙන්ම දහවල් කාලයේදීත් කොළඹ නගරයේ ඉහළ අහස අපැහැදිලි ස්වභාවයක් ගත් අතර නෙළුම් පොකුණ ආදී උස් ගොඩනැගිලි ද ඈතට දිස්වූයේ තරමක් අපැහැදිලි ලෙසිනි
ඉන්දියාව, බංග්ලාදේශය වැනි ශ්‍රී ලංකාවට උතුරු සහ ඊසාන දෙසින් පිහිටි වායුගෝලීය දූෂණයක් පවතින රටවල සිට මෙරටට හමාඑන දූවිලි සහිත සුළං ධාරාවල බලපෑමෙන් මෙම තත්වය ඇතිව ඇති බව සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.
ඉහළ අහසේ පවතින මෙම දූවිලි අංශු හේතුවෙන් හිරු එළිය පොළවට පතිතවීම ද අඩු වී යම් අඳුරු තත්වයක් ඇතිවිය හැකි බව ද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරයා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd