
(නිමන්ති රණසිංහ සහ තිලකරත්න දිසානායක)
හත්වන ශ්‍රේණීයට දරුවකු ඇතුළත් කර දීම සදහා ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ලබගත් බව කියන ගම්පහ ප්‍රදේශයේ උසස් පාසලක විදුහල්පතිවරයකු අද (23) එම විදුහලේ විදුහල්පති කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය පැවසුවාය.
අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි එම ප්‍රදේශයේම උසස් පාසලක විදුහල්පතිවරයෙකි.
තම දියණීය අදාළ පාසලේ 7 වන ශ්‍රේණීයට ඇතුළත් කර දෙන ලෙසට තමන් විදුහල්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ අතර එහිදී රුපියල් ලක්ෂ 2ක අල්ලස් මුදලක් ලබා දෙන ලෙසට ඔහු සදහන් කළ බව පවසමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව එම කොමිසම සදහන් කරයි.
එම පැමිණීල්ලට අනුව ක්‍රියාත්මක වූ කොමිසම උපායදූතයන් යොදවා ගනිමින් මෙම වැටලීම සිදුකළ අතර, සැකකාර විදුහල්පතිවරයා අද (23) ඔහුගේ කාර්යාලීය කාමරයේදී අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව ද අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්වරිය සදහන් කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවන අතර විමර්ශනවලින් පසු සැකකාර විදුහල්පතිවරයා හෙට (24) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්වරිය වැඩිදුරටත් සදහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ළමයා පාසල් දාගන්න ලක්ෂ 2ක් විතර අරගත්තා. කෝ ලංකාවේ මේවාට නීතියක්...?