(නිමල කොඩිතුවක්කු)
බස් ගාස්තු සියයට 8කින් සහ අවම බස් ගාස්තුව රුපියල් 16 දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි වාර්ථාවේ.
මේ සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම බස් ගාස්තු සංශෝධනය අනිද්දා (29) නිල වශයෙන් ප්‍රකාශට පත් කරන බවයි.
මිළ සූත්‍රය උපයෝගී කරගනිමින් වැඩ කරන දින 4ක කාලයක් ඇතුළත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව සහ බස් හිමියන් දැනුවත් කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපති ශෂී වෙල්ගම මහතාට ඉකුත්දා (22)උපදෙස් දෙනු ලැබීය.
ඒ අනුව මඟි ජනතාව සහ  බස් කර්මාන්තය සම්බන්ධයෙන් අවධානය යොමුකර සහනදායි ආකාරයට මෙම ගාස්තු සංශෝධනයක් සිදු කරන බවත් අමුණුගම මහතා පැවසීය.
ගෙවීම් කාඩ් පත හදුන්වාදීම ජනවාරි දෙවන සතියේ ක්‍රියා සිට ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව ත කොන්දොස්තරවරුන් නොමැතිව බස් රථ ධාවනය කිරීමට හැකි ලෙස මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.