IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති  ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ ඇත .

ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ගන්නා බව සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ඉකුත්දා ලිපියක් යැවීය .

ඒ අනුව නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධුරයට පත්කිරීමමෙන්  පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පත් කිරීමට නියමිත ය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ගාමිණි  සෙනරත් මහතා අග්‍රාමාත්‍ය  ලේකම් ධුරයට පත්වීමට පෙර ,මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් ද කටයුතු කළේය .

දෙපාර්තමේන්තු ගණනාවක ප්‍රධානියා වශයෙන්  කටයුතු කර ඇති ඔහු  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීයෙකි. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි .
පරපරිපාලන සේවය කීර්තිමත් නිලධාරියකු වන අනුර දිසානායක  මහතා මහවැලි, වාරිමාර්ග, අධ්‍යාපන ඇතුළු අමාත්‍යාංශ ගණනාවක ලේකම්ධුර හොබවා ඇත.ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යකු වන ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි .



අදහස් (30)

පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

යෝගා Monday, 27 December 2021 03:27 PM

ආර්ථික ඝාතකයාගේ නික්ම යාමද? ඊළඟ ජවනිකාව කුතුහලයද ත්‍රාසයද?

:       1       85

abMonday, 27 December 2021 08:05 PM

රටේ සියල්ල, රජයේ සියලු ආයතන දේශපාලනීකරණය කර තිබීම මත ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දරට දේශපාලකයන්ගේ අවස්යතාවය මත ක්‍රියාකිරීමට සිදුවීම නිසා මේ තත්වයට පත්වුයේ. රජයේ නිලධාරීන්ට තීන්දු ගැනීමේදී සියල්ල විශ්ලේෂණය කර දේශපාලන බලපෑම්වලින් තොරව තීන්දු ගැනීමට අවකාශ තිබිය යුතුවේ. පී බී ජයසුන්දරට චෝදනකිරීමෙන් පලක් නොමැත. දේශපාලකයන්ගේ උවමන ඉටුකරන රජයේ නිලධාරීන්හට අවසානයේ සිදුවන්නේ පුද්ගලයාගේ ගරුත්වය පමණක් නොව තනතුරේ ගරුත්වයද නැතිවීම පමණි.

:       2       3

Shan Monday, 27 December 2021 03:38 PM

තවත් ඝාතකයෙක් තමයි ආවොතින් නම්... ඇත්තටම මොලේ හොඳ නැද්ද මෙයාලගේ..?

:       27       68

Sunil Monday, 27 December 2021 03:41 PM

ජනාධිපතිතුමා ළඟකදී කල ඥානාන්විතම කාර්ය

:       35       91

ShanMonday, 27 December 2021 11:37 PM

ජනපතියෙක් කරපු මගුලක් නෙමෙයි.මිනිහා ඉල්ලා අස්වෙලා

:       1       8

ravin Monday, 27 December 2021 03:55 PM

ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩ නොකරකල්පනාවෙන් පත්කිරීම කළොත් තමයි හොඳ..ඉස්සෙල්ලා හිටපු කෙනාගේ පත්කිරීමට පෙර කැරැට්ටුව බැලුවා නම් ඔහොම වෙන්නේ නැහැ. පොහොර ගැන එහෙම මතක තියාගෙන පත්කිරීම කළොත් තමයි හොඳ...

:       1       50

Rakitha Monday, 27 December 2021 04:07 PM

රාජ්‍ය සේවයේ හිටපු දක්ෂතම නිලධාරියා... වටිනා මොලයක්...

:       87       8

fairoos Monday, 27 December 2021 04:09 PM

සර් ෆේල්.. ඔක්කොම රිවර්ස් තමයි. රට බංකොළොත් කරලා තමයි පස්ස බලන්නේ..

:       72       74

BamunuarachchiMonday, 27 December 2021 05:31 PM

දීපල්ලකෝ මෙරට සරු කරලා අනිත් අයට පිනට කන්න. අන්න බෝට්ටුව, මෙන්න ගම්මිරිස්... මොකද යන්නේ පස්ස බලන්නේ නැතුව..?.

:       30       58

වන්දිබට්ටගේ ආරච්චිMonday, 27 December 2021 10:18 PM

අතරමං වුන බයියෙක්. දුකට කියන කවි

:       1       9

ජයනාත්Monday, 27 December 2021 06:24 PM

හිටපු සර්ලා හොඳටම කරපු හැටි හැමෝම දැක්කනේ. කවර කතාද? එයාලාට ආයේ පාර්ලිමේන්තු එන්නත් නැතිව ගියා...

:       11       53

මහසෙන් Monday, 27 December 2021 04:47 PM

ලේකම්ලා මාරු වුණු පලියට වුණු විපර්යාසය කොච්චර ද කියනවා නම් දැන්... සෞභාග්‍යය දොරේ ගලායනවා කකුල් අස්සෙන්... මෙයාගේ මීළඟ නවාතැන මොලහත ගාව තමයි. පවුලේ කට්ටිය එකතු වෙලා පෙන්වන නාටකයේ තවත් කොටසක් මේ...!

:       1       23

සමිත සේනක අලුත්ගමගේ. Monday, 27 December 2021 05:00 PM

නුසුදුස්සන් පත්කරගෙන රට විනාශයට පත්කිරීමෙන් පසු ඔවුන් ඉවත් කිරීම සිදුකළා. තව ඉවත් කරන්න ඕන කට්ටිය මොනතරම් සිටිනවාද? ඒ අය රටට කරන්නෙත් අවැඩක්ම තමයි.

:       60       24

duminda Monday, 27 December 2021 05:04 PM

මේකට කියන්න පිරුළක් හොයාගන්න අමාරුයි... හොරෙක් ගිහින් කම්බ හොරෙක් එනවා වගේ කිව්වොත් නම් හරි...

:       64       43

ජගත් ලියනගේ Monday, 27 December 2021 05:08 PM

අසාර්ථකම නිලධාරීයෙක් බවට පත්වෙලා...

:       2       23

ranjith Monday, 27 December 2021 05:57 PM

උසාවියෙනුත් නියෝග කරලා තිබුණා නැවත රජයේ සේවයට ගන්න එපා කියලා... නිකන් පචවුණා...

:       1       37

Soma dubayi Monday, 27 December 2021 06:00 PM

රටට විශාල සේවයක් කළ මහත්තයෙක්... ඔබතුමාට සුබ පතනවා.

:       49       5

Prabha Monday, 27 December 2021 06:00 PM

ඉඟුරු දීලා අරන් තියෙන්නේ මිරිස්නේ... අනේ සර්ගේ මොලේ...!

:       53       33

Bishan Monday, 27 December 2021 06:27 PM

ආණ්ඩුවේ අසාර්ථකත්වය මෙයාගේ පිටින් අරිමු නේද?

:       28       22

Chandana Monday, 27 December 2021 06:42 PM

එක්කෙනෙක් යනකොට තව එක්කෙනෙක් එනවා. ඒකනම් පට්ට... මම හිතුවේ නෙළුම් කුළුණේ CEO කාරයාව පත්කරගනියි කියලා. එයත් පට්ට දක්ෂ ආර්ථික ඔස්තාර් කෙනෙක්ලු... කාලසටහන් කරුවන්ගේ සංගමයේ හිටිය.

:       24       12

Hafeel Monday, 27 December 2021 07:01 PM

පී බී ඔහොම බැසිල්ගේ උපදේශක වෙනවා. ආයිත් පරණම සෙල්ලම තමයි.

:       25       21

රමිත Monday, 27 December 2021 07:27 PM

ගාමිනී සෙනරත් කීර්තිමත් පරිපාලන නිලධාරියෙක්ලු.. !

:       5       14

සඳුන් Monday, 27 December 2021 07:41 PM

එන්ජින් ඩ්‍රයිවර් පිස්සු නටනකොට ගාඩ්ව මාරුකරලා බලනවා වගේ වැඩක්...

:       34       21

Rohana Monday, 27 December 2021 07:44 PM

කවුරු ලේකම් වුණත් රටේ කිසිම දියුණුවක් දකින්න නෑ. රට තිබුණාටත් වඩා ආපස්සටයි ගමන් කරන්නේ...

:       23       17

amarasiri Monday, 27 December 2021 08:40 PM

මේ කට්ටියම ළඟදීම අලුත් ආණ්ඩුවක් යටතේ හිරබත් කෑමට නියමිතයි. එය එසේම විය යුතුමයි.මගේ රට විනාශකළ අධමයින් එකෙකුටවත් යහතින් ජිවත්වීමට ඉඩ නොතැබිය යුතුයි.

:       0       3

AjayTuesday, 28 December 2021 03:36 PM

රට අගාධයට ගෙනගිය යහපාලන ආණ්ඩුවේ හොරුන්ට මුකුත් නොකළ එකේ ප්‍රතිඵල...

:       0       1

විජිත් Monday, 27 December 2021 08:43 PM

ස්තුතියි භාරත , මේ ආරංචිය පසුගිය සතියේ අපිට ලබාදුන්නාට.

:       1       1

dodampegamage Monday, 27 December 2021 09:54 PM

ගාමිනී සෙනරත් ව්‍යාපාරිකයන් සමග ගොඩක් ඩීල් දාන කෙනෙක් . ඩඩ්ලිගේ ඉතාම හොඳ රහසීගත මිතුරෙක්

:       1       5

ranjith Monday, 27 December 2021 10:23 PM

රට තවත් ප්‍රපාතයකට හෙලා ඔක්කොම කට්ටිය ඉල්ලා අස්වීම ජනතාවට පිළිගන්වලා ගියානම් නේද හොඳ?

:       1       2

nimelen Thursday, 30 December 2021 08:48 AM

අපේ මිනිස්සුන්ට නොතේරෙන දේ තමයි මේ ඉන්න තක්කඩි දේශපාලුවන් තමුන්ගේ කුණු මේ මිනිහාගේ ඇඟේ ගහලා අතපිහදාලා ශේප් වෙන්න හදනවා කියන එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 104 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 20 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1276 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 199 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 566 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 768 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1401 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site