
(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ ඇත .
ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ගන්නා බව සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ඉකුත්දා ලිපියක් යැවීය .
ඒ අනුව නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධුරයට පත්කිරීමමෙන් පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පත් කිරීමට නියමිත ය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ගාමිණි සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත්වීමට පෙර ,මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් ද කටයුතු කළේය .
දෙපාර්තමේන්තු ගණනාවක ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇති ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීයෙකි. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි .
පරපරිපාලන සේවය කීර්තිමත් නිලධාරියකු වන අනුර දිසානායක මහතා මහවැලි, වාරිමාර්ග, අධ්‍යාපන ඇතුළු අමාත්‍යාංශ ගණනාවක ලේකම්ධුර හොබවා ඇත.ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යකු වන ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික ඝාතකයාගේ නික්ම යාමද? ඊළඟ ජවනිකාව කුතුහලයද ත්‍රාසයද?
තවත් ඝාතකයෙක් තමයි ආවොතින් නම්... ඇත්තටම මොලේ හොඳ නැද්ද මෙයාලගේ..?
ජනාධිපතිතුමා ළඟකදී කල ඥානාන්විතම කාර්ය
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩ නොකරකල්පනාවෙන් පත්කිරීම කළොත් තමයි හොඳ..ඉස්සෙල්ලා හිටපු කෙනාගේ පත්කිරීමට පෙර කැරැට්ටුව බැලුවා නම් ඔහොම වෙන්නේ නැහැ. පොහොර ගැන එහෙම මතක තියාගෙන පත්කිරීම කළොත් තමයි හොඳ...
රාජ්‍ය සේවයේ හිටපු දක්ෂතම නිලධාරියා... වටිනා මොලයක්...
සර් ෆේල්.. ඔක්කොම රිවර්ස් තමයි. රට බංකොළොත් කරලා තමයි පස්ස බලන්නේ..
ලේකම්ලා මාරු වුණු පලියට වුණු විපර්යාසය කොච්චර ද කියනවා නම් දැන්... සෞභාග්‍යය දොරේ ගලායනවා කකුල් අස්සෙන්... මෙයාගේ මීළඟ නවාතැන මොලහත ගාව තමයි. පවුලේ කට්ටිය එකතු වෙලා පෙන්වන නාටකයේ තවත් කොටසක් මේ...!
නුසුදුස්සන් පත්කරගෙන රට විනාශයට පත්කිරීමෙන් පසු ඔවුන් ඉවත් කිරීම සිදුකළා. තව ඉවත් කරන්න ඕන කට්ටිය මොනතරම් සිටිනවාද? ඒ අය රටට කරන්නෙත් අවැඩක්ම තමයි.
මේකට කියන්න පිරුළක් හොයාගන්න අමාරුයි... හොරෙක් ගිහින් කම්බ හොරෙක් එනවා වගේ කිව්වොත් නම් හරි...
අසාර්ථකම නිලධාරීයෙක් බවට පත්වෙලා...
උසාවියෙනුත් නියෝග කරලා තිබුණා නැවත රජයේ සේවයට ගන්න එපා කියලා... නිකන් පචවුණා...
රටට විශාල සේවයක් කළ මහත්තයෙක්... ඔබතුමාට සුබ පතනවා.
ඉඟුරු දීලා අරන් තියෙන්නේ මිරිස්නේ... අනේ සර්ගේ මොලේ...!
ආණ්ඩුවේ අසාර්ථකත්වය මෙයාගේ පිටින් අරිමු නේද?
එක්කෙනෙක් යනකොට තව එක්කෙනෙක් එනවා. ඒකනම් පට්ට... මම හිතුවේ නෙළුම් කුළුණේ CEO කාරයාව පත්කරගනියි කියලා. එයත් පට්ට දක්ෂ ආර්ථික ඔස්තාර් කෙනෙක්ලු... කාලසටහන් කරුවන්ගේ සංගමයේ හිටිය.
පී බී ඔහොම බැසිල්ගේ උපදේශක වෙනවා. ආයිත් පරණම සෙල්ලම තමයි.
ගාමිනී සෙනරත් කීර්තිමත් පරිපාලන නිලධාරියෙක්ලු.. !
එන්ජින් ඩ්‍රයිවර් පිස්සු නටනකොට ගාඩ්ව මාරුකරලා බලනවා වගේ වැඩක්...
කවුරු ලේකම් වුණත් රටේ කිසිම දියුණුවක් දකින්න නෑ. රට තිබුණාටත් වඩා ආපස්සටයි ගමන් කරන්නේ...
මේ කට්ටියම ළඟදීම අලුත් ආණ්ඩුවක් යටතේ හිරබත් කෑමට නියමිතයි. එය එසේම විය යුතුමයි.මගේ රට විනාශකළ අධමයින් එකෙකුටවත් යහතින් ජිවත්වීමට ඉඩ නොතැබිය යුතුයි.
ස්තුතියි භාරත , මේ ආරංචිය පසුගිය සතියේ අපිට ලබාදුන්නාට.
ගාමිනී සෙනරත් ව්‍යාපාරිකයන් සමග ගොඩක් ඩීල් දාන කෙනෙක් . ඩඩ්ලිගේ ඉතාම හොඳ රහසීගත මිතුරෙක්
රට තවත් ප්‍රපාතයකට හෙලා ඔක්කොම කට්ටිය ඉල්ලා අස්වීම ජනතාවට පිළිගන්වලා ගියානම් නේද හොඳ?
අපේ මිනිස්සුන්ට නොතේරෙන දේ තමයි මේ ඉන්න තක්කඩි දේශපාලුවන් තමුන්ගේ කුණු මේ මිනිහාගේ ඇඟේ ගහලා අතපිහදාලා ශේප් වෙන්න හදනවා කියන එක...