( තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ධූරය මාසයක කාලයක් පුරා හිස්ව පවතීම නිසා රාජකාරි කටයුතුවලට බාධා සිදුවන බව ආයතන ප්‍රධානීහු පවසති.

ගම්පහ හිටපු දිසාපති සුනිල් ජයලත් මහතා, සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධූරයට පත් කිරීම නිසා මෙම ධූරයේ කටයුතු  කොළඹ දිසාපතිවරයා විසින් අවරණය සිදු කරනු ලබයි.

ගම්පහ වැනි කාර්ය බහුල පරිපාලන දිස්ත්‍රික්කයකට පූර්ණ කාලීනව කටයුතු කිරීමට  දිසාපතිවරයකු නොමැතිවීම නිසා වර්ෂ අවසානයේ ගිණුම් කටයුතු සහ පරිපාලනමය කටයුතුවලදී බාධා පවතින බව රාජ්‍ය ආයතන ප්‍රධානීන් පවසති.