(උපාලි ආනන්ද)
වනජීවි දෙපාර්තමේන්තුව ගැසට් පත‍්‍රයේ සදහන් නිර්නායක උල්ලංඝනය කරමින් විදුලි වැටක් ඉදිකිරීමෙන් කුඔුරු වගාවන් රැසකට බරපතල හානි පමුනුවා ඇති බවට චෝදනා කරමින් අනුරාධපුර එක්සත් කෘෂිකර්ම සංසදයේ සභාපති විශ‍්‍රාමික සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ආර් එම් නවරත්න බංඩා මහතා අධිකරණය හමුවේ පවරා ඇති පෙත්සම මාර්තු 3 වැනි දා විභාග කිරීමට අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩි.පියරතන මහත්මිය නියෝග කළාය.
ජ්‍යෙෂ්ඨ නීතිඥ හේ බ රත්නායක මහතා මගින් අනුරාධපුර දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇති මෙම පෙත්සෙමි වගඋත්තරකරුවන් ලෙස වනජීවි දෙපාර්තෙමින්තුෙවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බංඩාර සහ නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් යන මහත්වරුන් සහ වනජීවි දෙපාර්තෙමින්තුවයි නම් කර සිටියි.
වන අලින්ගෙන් කුඔුරු වගාවන්ට සිදු වන හානි සහ එල්ල වන තර්ජනවලින් මිදීම සදහා වනජීවි දෙපාර්තෙමින්තුවෙන් විදුලි වැටක් ඉදි කල යුත්තේ ගල්කිරියාගම උදුරුව විරන්දාවටන හා හෝරාපොල යන ගම්මාන යා කිරීමෙන් බව පෙත්සම්කාර අනුරාධපුර එක්සත් කෘෂිකර්ම සංසදය වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ හේ බ රත්නායක මහතා සදහන් කළේය.
එහෙත් වනජීවි දෙචපාර්තෙමින්තුව මෙම විදුලි වැට ඉදි කර ඇත්තේ ගල්කිරියාගම උදුරුව දෙඹිවටන විරන්දනාවටන මහවැලි කුඔුරු සහ බන්ඩාරපොතාන හා හෝරාපොල යන ගම්මාන යා කරමින් බවද අධිකරණයට කියා සිටියේය.
ජ්‍යෙෂ්ඨ නීතිඥ හේ බ රත්නායක මහතා අවිධිමත් ආකාරයෙන් ඉදිකර ඇති ප‍්‍රශ්න ගත මෙම විදුලි වැට නිසා ප‍්‍රදේශයේ කුඔුරු වගාවන්ට වන අලින්ගෙන් බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවද කීෙවිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd