( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යැයි පවසමින් කැලෑ නිල ඇඳුමක් පැළඳ සිටින ඡායාරූපයක් ජංගම දුරකතනයේ තබාගෙන හා පොලිස් කොස්තාපල්වරයකු ලෙස ව්‍යාජ ඡායා පිටපතක් සන්තකේ තබාගෙන පුද්ගලයන් බිය වද්දමින් මුදල් සහ මත්පැන් බලහත්කාරයෙන් ලබා ගත්පුද්ගලයන් දෙදෙනකු පෑලියගොඩ ධර්මමඩු වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කවුර කියයි.
එම සැකකරුවන් සන්තකයේ තිබී කෙල නිල ඇඳුම පැළඳ සිටින ඡායාරූපයක් අඩංගු ජංගම දුරකතනයත් පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පෑලියගොඩ හා මාතර ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 21හා 39 පසුවන්නන් ය. වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලිසියට භාර දී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd