(යොහාන් භාසුර)

රසායනික පොහොර තහනම ඉවත් කිරීමෙන් පසුව පොටෑසියම් ක්ලෝරයිඩ් ඇතුළු රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000 කට   අධික ප්‍රමාණයක් මේ වන විට ආනයනය කර ඇතැයි  පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පැවසීය.

පොටෑසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික් ටොන් 62000 ක්, තේ පොහොර මෙට්‍රික් ටොන් 31,000 ක්, එළවළු සහ මල් වගාවට යොදන පොහොර මෙට්‍රික්ටොන් 752 ක් මෙලෙස ආනයනය කර ඇති බවත් යූරියා මෙට්‍රික්ටොන් 1500 ක්, සෘජු පොහොර වර්ග මෙට්‍රික්ටොන් 2500 ක් සහ මිශ්‍ර පොහොර  මෙට්‍රික්ටොන්  913 ක් ආනයනය කිරීමට මේ වන විට අවසර ලබාදී ඇති බවත් පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීය.