(ඉන්දිකා රාමනායක සහ ටී.කේ.ජී.කපිල)

ගුවන් මෙහෙයුම් කටයුතුවල නිරත වෙමින් සිටියදී හදිසි කාර්මික දෝෂයක් ලක්ව කටුනායක කිඹුලාපිටිය වෙල්යායකට හදිසියේ ගොඩබැස්සවීම සිදු කළ සෙස්නා 172 දරණ සැහැල්ලු ගුවන් යානය අයත් මෙරට අභ්‍යන්තර ගුවන් සේවා සිදු කරන,සකුරායි ඒවියේෂන්,සමාගමේ ගුවන් මෙහෙයුම් කටයුතු අද සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

දින 05 ක් තුළ මෙම සමාගමට අයත් සැහැල්ලු ගුවන් යාන දෙකක් කාර්මික දෝෂයන්ට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් ගුවන් සේවා අධිකාරියේ පරීක්ෂකවරුන් විමර්ශනයක් ආරම්භ කර ඇත

එම විමර්ශනය අවසන් වනතෙක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතාගේ බලතල අනුව ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා  මෙම ගුවන් මෙහෙයුම් අත්හිටුවීම සිදුකර ඇති බව එහි නිලධාරියෙක් පැවසීය.

මින් එක් සිදුවීමක් ඉකුත් 22 දින සිදු වී බේරුවල පයාගල මුහුදු ප්‍රදේශයේදී සිදු විණි.

අද සිදු වූ මෙම සිද්ධියෙන් ගුවන් නියමුවා, නියමුවරිය , එහි ගමන්ගත් විදේශ යුවළක් තුවාල ලැබීය.

මෙම සිද්ධීන් සැලකිල්ල ට ගෙන මෙම පියවර ගත් බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.