
(යොහාන් භාසුර)
කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවසරපත් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසීය.
සෞඛ්‍ය මාර්ගඋපදේශවලට අනුව සංවිධානය කළ යුතු මෙම සංගීත ප්‍රසංග සදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනවල රාත්‍රී 10.00 දක්වා ද, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 දක්වා ද, ඉරිදා දිනයේ රාත්‍රී 12. 30 දක්වා ද, එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්විය හැකි බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරේ මරු නියමෙට තියේවි !
සංගීත දැම්මා ට කමක් නෑ, වීඩියෝ කරලා බස් රථ වල පෙන්නනවා නෙවෙයි, කනක් ඇහිලා යන්න ඕන
මේ තීරණ අරගන්නේ බූරුවන්ද? ඔමික්‍රොන් කියන්නේ ඉක්මණින් පැතිරෙන ලෙඩක්..
ලෝකයේ අනිත් රටවල් සීමා දැඩි කරද්දී නගර ලොක්ඩවුන් කරද්දී, ශ්‍රී ලංකාව තියෙන සීමා අකුලා ගන්නවා. මේ රජය හා රජයේ ඉහළ නිලධාරීන් මිනිස්සු මරන් කන්නද යන්නේ. සංගීත ප්‍රසංග නැතුව මිනිසුන්ට ජීවත් වෙන්නම බැරි නෑ. ජීවන වියදම අහස උසට නැගලා කාටද පුළුවන් තවත් සල්ලි දීලා සංගීත බලන්න...