
(සුජිත් හේවාජුලිගේ සහ ඉන්දිකා රාමනායක)
ගිහි ජීවිතයේදී මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර ලෙස රාජකාරි කළ බුද්ධංගල ආනන්ද හිමියෝ අද (28) උදෑසන අපවත් වූහ.
උන්වහන්සේ මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ වැඩිමහල් සොයුරාය.
අපවත් වනවිට 78 වැනි වියේ පසුවූ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පසුව දැනුම්දෙන බව
සරත් වීරසේකර මහතා පැවසීය.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ලෙසද කාලයක් කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්වහන්සේ යුද්ධ හමුදාවේ සේවය කරද්දී, 88/89 සමයේ දකුණේ තරුණයන්ට ඉතා කරුණාවෙන් උපදෙස් දුන්න එක මට තාම මතකයි.
රට, දැය, සමයටත් සේවයක් කරලා තමන්ගේ සසර ගමනත් කෙටි කරගත් උන්වහන්සේට නමස්කාර වේවා !
ඔබ වහන්සේ රට දැය වෙනුවෙන් කල සේවයට හිස නමා ගෞරව කරන අතර අජරාමර නිවන් සුව ලැබේවා කියාද පතමි
88/89 වකවානුවේදි හමුදා නිලධාරියෙක් වශයෙන් කළ මෙහෙය ගැන තාමත් මතකයි.!!!.
සමාජයේ බොහෝ දෙනෙකුගෙන් ගරු බුහුමන් ලැබූ උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි
නිවන් සුව !...