( සිතුම් චතුරංග)
ඩිංගි යාත්‍රාවකින් පැමිණ කිලිනොච්චිය , පුනරින් කෞදාරිමුනෙයි මුහුදේ දියනා විනෝදවෙමින් සිටි තරුණයකු කපා කොට ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක හා තවත් පුද්ගලයින් තිදෙනකු අද (28) යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පුනරින් පොලිසිය කියයි.
ඉකුත් 26 වැනිදා අලිමංකඩ සිට පැමිණි තරුණයින් පිරිසක් කෞදාරිමුනෙයි මුහුදේ දියනාමින් විනෝදවෙමින් සිටියදී ඩිංගි යාත්‍රාවකින් සැකකාරිය ඇතුළු පිරිස පැමිණ ඇති බවත් පසුව ඔවුන් එම තරුණයින්ට බැනවැදී පහරදී ඇති බවට විමර්ශනවලදී අනාවරණයවූ බව පොලිසිය පැවසීය.
පහරදීම අතරතුර එක් අයකු විසින් තියුණු ආයුධයකින් තරුණයකු කපාකොට ඇති බවත් එම තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගතකරන අවස්ථාවේ මියගොස් ඇති බවද පොලිසිය පැවසීය.
එලෙස කැපුම් තුවාල ලබා මියගොස් ඇත්තේ කිලිනොච්චිය , අනාකොට්ටෙයි හි පදිංචි රංජන් නිරෝෂන් නැමති 22 හැවිරිදි අයකු වේ.
සැකකරුවන් පහරදීමෙන් අනතුරුව ඩිංගි යාත්‍රාවෙන් ගුරුනගර් ප්‍රදේශයට පැනගොස් ඇති අතර එ පිළිබඳ පුනරින් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවටගෙන තිබේ.
පොලිසිය පැවසූයේ ඝාතනය සිදුකළ පලාගිය සැකකරුවන් ඩිංගි යාත්‍රාව සඟවා තිබී ඇති අතර සැකකරුවන් ස්ථාන කිහිපයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත්ය.
අත්අඩංගුවටගත් සැකකරුවන් යාපනය ගුරුනගර් පදිංචි අවුරුදු වයස අවුරුදු 35ත් 55 අතර වයසේ පසුවන්නෝ වෙති.
සැකකරුවන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර, කිලිනොච්චිය , මුලතිව් දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති එච්.සමුද්‍රජීව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.බී.මැදවල යන මහත්වරුන්ගේ උපදෙස් හා අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ඉබුනු අතාර් මහතාගේ මෙහෙයවීම යටතේ පුනරින් වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන් චතුරංග , අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජිත් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා හරි පරණ කෝන්තරයක් පිරිමහ ගන්න, ලැබුණු ඔත්තුවක් මත පැමිණ කරපු ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ.වයිරයෙන් වයිරය නොසන් සිඳේ කියලා තමයි මට කියන්න තියෙන්නේ