
(සිතුම් චතුරංග)
කිලිනොච්චිය උදයනගර්,අම්බලකුලම් හි පස්දරු මවක ඝාතනය කොට ඇගේ සිරුර කිඹුලන් සිටින ඇළ මාර්ගකට දැමූ තරුණයකු කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
එලෙස ඝාතනය කොට ඇත්තේ අම්බලකුලම් පදිංචි රාසේන්ද්‍රම් රාජලක්ෂ්මි නැමති මවකි.
මියගිය මව එංගලන්තයේ ලන්ඩන් හි සිය දරුවන් සමඟ පදිංචිව සිට මෑත කාලයේදී මෙරටට පැමිණ ඇති බවට අනාවරණයවී තිබේ.
උදයනගර්,අම්බලකුලහි එම කාන්තාව තාවකාලිකව කුලී නිවසක පදිංචිව සිට ඇති අතර නිවසේ සිටියදී ඊයේ රාත්‍රියේ සිට ඇය අතුරුදහන්ව ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබුණි.
එම මව පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී ලේ පැල්ලම් කිහිපයක් නිවසෙහි බිම තිබී පොලිසියට හමුවී ඇති අතර ප්‍රදේශවාසීන්ගේ තොරතුරු මත සිදුකළ වැඩිදුර විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.
ඝාතනයට ලක්වූ කාන්තාව පදිංචිව සිටි නිවසට යාබද නිවසේ පදිංචිව සිට ඇති සැකකරු කාන්තාව මරා සිරුර යතුරු පැදියක දමාගෙන නිවසේ සිට කිලෝමීටර 18 දුරින් පිහිටි කිඹුලන් බහුලව සිටින කන්දපුරම් හි ඇළමාර්ගයකට දමා ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගරු අධිකරණය මොවුන්ට දෙන දඬුවම මොකක්ද? රංජන් රාමනායකට වචනයක් වැරැදී අවුරුදු 4ක් සිරගෙට... හිනාත් යනවා අප්පා...
මිනිස්සු මෙතරම් තිරිසන් වැඩ කොහොම කරනවද?
රාජිතගෙන්ද ක්රමය ඉගෙන ගත්තේ. කිඹුල්ලු ටික කිලිනොච්චි ගිහින්
ශාන් මෝඩ තකතීරුවෙක්.රන්ජන්ට කට පොඩ්ඩක් වැරදිලා.හොඳ පොද්ද වැරදුනේ.ප්රසේද්දියේම .උසාවියේ ඉදිරිපිටම කී පාරක් අපහාස කලාදයහපාලනය තමයි නීතිය නැමුවේ
හිත් පිත් නැති ක්රියාවක් ,පරණ කෝන්තරයක් පිරිමහ ගත්තා වත්ද .මිනිස්කම් සහ ගුණධර්ම වලට මොනවා වෙලාද දන්නේ නැහැ