
(ෂේන් සෙනෙවිරත්න)
ජපානයේ ආයෝජකයන්ට මෙරට ආයෝජන අවස්ථා ලබා ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිළිවල යොදනවා. මෙරට ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රමුඛතාවය දි වැඩ කටයුතු කරනවා යැයි ජපාන තනාපති මිෂුකොෂි හයිඩියැකි මහතා පවසයි.
ඒ මහතා මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේ පැවසිය.
ඓතිහාසික මහනුවර නගරයට පැමිණ දළදා මාලිගාව වැඳපුදා ගැනීමට ලැබීම සම්බන්ධයෙන් මා ඉතාම සන්තෝස වෙනවා. මෙම ස්ථානය දිගු ඉතිහාසයකට උරුමකම් කියන ස්ථානයක්. එසේම ජපානය සහ ශ්‍රී ලංකාව දිගු මිත්‍රත්වයක් පවත්වාගෙන එන රටක් . ජපානයේ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දී තිබෙනවා .
ලබන වසර වෙනකොට ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය ගොඩනැගී වසර 70 ක් සපිරෙනවා .
එය සැමරීමටයි මම මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තේ . ජපානයත් ශ්‍රී ලංකාවත් අතර මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට මෙම අවස්ථාව මා යොදා ගන්නවා . එසේම මේ ඓතිහාසික අවස්ථාව පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ නැංවීමට අවශ්‍ය සහයෝගය ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා .
ජපාන සංචාරකයන් වැඩිපුර මෙරටට ගෙන්වීමටත් ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවට ජපානයේ වැඩිපුර රැකියා අවස්ථා ලබා ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා . එසේම ජපානය මගින් මේ විට ක්‍රියාත්මක වෙමින් පවතින ජපාන ව්‍යාපෘති එයාකාරයෙන්ම පවත්වාගෙන යාමටත් බලාපොරොත්තු වෙනවා . එසේම ජපාන ආයෝජකයන් හරහා මෙරට ආයෝජන වැඩි කිරීමටත් බලාපොරොත්තු වෙනවා යැයි ද පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපති තුමනී මෙරටේ ජෙප්පෝ කියලා ජාතියක් ඉන්නවා. උන්ගේ ආදර්ශ පාඨය තමයි විදෙෂීය සමාගම් වලට මෙරටේ කර්මාන්ත,ව්‍යාපාර,ආයෝජන දෙන්න එපා. 1989 කාලේ මෙරටේ සිටිය බොහෝ ආයෝජකයින් ,ව්‍යාපාරකයින්, කර්මාන්ත කරුවන් මේ ජරා හැත්ත විසින් මෙරටින් නෙරපා දැමුවා. එම නිසා පරිස්සමින්. ජපානෙට ගෙන්වන්නත් එපා මොවුන් වැඩ කරන ජාතියක් නොවෙයි වැඩ වනසන ජාතියක්.
හේන් වාසනාවන් ...රටට හොඳක් වෙනවානම් කොච්චර හොඳද.ඒ පැතුම ඒ ආකාරයෙන්ම සපල වේවා
වේලපහින්ම කියන්න 10% දුන්නොත් ඕනෑම ආයෝජනයක් සම්මතයි
කරුණාකර ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට එම වැඩ කිරීමේ අවස්ථාව ලබා දෙන්න. ඔවුන්ට යහපත් අනාගතයක් උදාකර ගැනීමට උපකාර කිරීමට මෙය ඉතාමත් අවශ්‍ය කාලයයි.
අර පුහුණු වීසා කියලා ජපානෙට ගෙන්නගෙන රීරිමාංශ ශරීරයම උරාගෙන බීලා දෙන සොච්චම් පුහුණු දීමනාව දෙන වීසා එකටද ගෙන්නන්නේ..? නැතිනම් දැන් දරු උපත් අඩු හින්දා වයසක සෙට් එක පෙන්ෂන් එක ගෙවාගන්න ටැක්ස් කපාගන්න හදන අලුත් ක්රමයද?