(ඩයනා උදයංගනී)
වර්තමානයේ මෙරට දේශපාලනය කරන අයගෙන් බොහෝ දෙනෙක් ප්‍රාදේශීය මට්ටමේ සිටම දේශපාලනයට එන්නේ ගල්, වැලි, පස් සහ කොන්ත්‍රාත් සඳහා බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
විවිධ පක්ෂවල බලය පැවති ප්‍රාදේශීය සභා කිහිපයක් පසුගිය කාලයේ ඇද වැටුණේත් කොන්ත්‍රාත් නිසා ඇතිවූ ප්‍රශ්න හේතුවෙන් බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයකු වූ දිවංගත රත්නසිරි වික්‍රමනායක මහතාගේ 5 වන ගුණ සැමරුම නිමිත්තෙන් එම පක්ෂ මූලස්ථානයේදී අද (27) පැවති උළෙලට සහභාගී වෙමිනි.
එදා සිට එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඩී.ඇස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ටී.බී ඉලංගරත්න, ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක,ලලිත් ඇතුලත්මුදලි, ස්ටැන්ලි තිලකරත්න, ආචාර්ය ඇන්.ඇම් පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, පීටර් කෙනමන්, හෙක්ටර් කොබ්බෑකඩුව, රත්නසිරි වික්‍රමනායක වැනි ශ්‍රේෂ්ඨ චරිත වත්මන් දේශපාලනයේ නොමැතිවීමේ ප්‍රතිඵලය අපේ රට වැටී ඇති තැනයැයි ද හිටපු ජනාධිපතිවරයා කීවේය.
එවැනි චරිත සියයකට වඩා වර්තමානයේදී රටට අවශ්‍ය බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා එම නායකයන්ගේ චරිත වත්මන් දේශපාලකයන් ආදර්ශයට ගත යුතු යැයි ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහළ ඉඳලාම බොහෝ දෙනෙක් දේශපාලනයට එන්නේ කොන්ත්‍රාත් ගන්න.. ඒ නිසාම තමයි තරුණයින් කියන්නේ පළමුව ඉහළ පිරිසිදු කිරීම කළයුතු බව සහ අලුත් කණ්ඩායමකට අවස්ථාවක් ලබාදීම..
ඔයාගේ කාලේ හිටිය යාලුවන්, නෑදෑයින් පෙරාපු රත්තරන් වෙන්න ඇති නේද? ටෙලිකොම් එකේ හිටියේ කවුද කියලත් මතක නැතුව ඇති...?
ඔබට එය නිවැරදි කිරීමට නොහැකි වුණාද?
මන්ඥන් වැටකොළු මුදලාලිගේ පක්ෂ සංවත්සරයට කකුළුවන්ගේ පෙළපාලිය දැකගැනීමට හැක.එබැවින් කකුළුවන්ගේ පෙළපාලිය පුහුණුව දැන් ඇරබේ........පෙළපාලියේ අණදෙන කකුළුවා වන පතෝල මුදලාලි නොහොත් සිරි අයියා තම කකුළු පෙළපාලිය පුහුණු වන කකුළු පැටවුන්ට මෙසේ අවවාද කරයි. කැකුළු පැටවුනේ ඇදෙ නොයව්..වම දකුණ වම....ඇදෙ නොයව් ඇදෙ නොයව් වම දකුණ වම....කමෝන් සිරි අයියා...කමෝන්
චතුරිකා ලබා ගත්තටෙන්ඩර් හා කොන්ත්‍රාත් ගැන පොඩ්ඩක් හොයලා බලන්න ටෙලිකොම් එකේ එහෙම. අපිට නම් වැලි රජු සහ වී රජු ගැන මතකයි.. ඔබ ඔබතුමා මැරිලා උපදින වගේනෙ ඔක්කොම අමතකය
ඕං මම නම් කොන්ත්‍රාත් අරන් විතරක් නැවතුනේ නෑ.. මුලු පවුලම ගොඩදාලා ලෝකෙ වටේම ගිහින් කොළඹින් කෝටි ගාණක ගේකුත් ඩැහැගත්තා...
තවත් සිරිබිරිස් විහිළුවක් වගේ....!!!
හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය නිවැරදිය. වර්තමානයේ ප්‍රාදේශීය පාලනයේ සිට දේශපාලනයට එන වැඩි දෙනාගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ වංචාවෙන් , දූෂණයෙන් ජනතා මුදල් ගසා කමින් පරම්පරා ගණනාවක් වෙනුවෙන් හරි හම්බ කර ගැනීමය. අතීතයේ සිටි දේශපාලනඥයින් වැදගත් පවුල් පසුබිමක් සහිත හිඟන්නන් නොවූ නිසා ඔවුන් තමන් සතු දේපල පවා ජනතාව වෙනුවෙන් වැය කළ අන්දම අප මතකයේ රැඳී ඇත. ජනතාව මේ බව තේරුම් ගෙන ඉදිරියේදී හිඟන්නන් නොවන රටට සැබවින්ම ආදරය කරන පුද්ගලයින් රටේ පාලනය පිණිස ජනතා නියෝජිතයින් ලෙසින් තෝරා පත්කර ගැනීම කළ යුතුයි.
ඩඩ්ලි සිරිසේන අවුරුදු කිහිපයක් තුල එකවර සුපිරි ඩොලර් ප්‍රකෝටි පතියෙක් වුනේ කොහොමද කියලා ඔබතුමාට නිකමටවත් කල්පනා උනේ නැද්ද?
කථාව ඇත්ත.අම්බලන්ගොඩ නගර සභාවේ උප සභාපති විසින් මා විදුහල්පති ලෙස කටයුතු කල අම්බලන්ගොඩ ධම්මකුසල විදුහලේ තිබුණු අඩි 100x20 නවීණතම ගොඩනැගිල්ලක් කිසිදු අවසරයකින් තොරව කඩාගෙන ගියා.නමුත් මහ ඇමතිතුමා මුල් ගලක් තිබ්වා එම ස්ථානයේ තෙමහළ් ගොඩනැගිල්ලක් හදනව කියල.මේ දෙන්නම එක පාටියෙ කට්ටිය.කරේ අමූලික බොරැවක්. අම්බලන්ගොඩ තානායමත් කඩාගෙන ගියෙත් ඔය විදියටමයි.ඒ ඔක්කොමල ඔබතුමාගෙ පාටියෙ කට්ටිය.උප නගරාධිපති කියනව එයාට බිල්ඩිම කඩන් යන්න අවසර දුන්නෙ දකුණු පළාත් ඉංජිනේරැ සේවා දෙපාර්තමේන්තතුව කියල.නමුත් එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂතුමා කියනව එහෙම අවසරයක් දුන්නෙ නැහැ කියල.පොලීසිය වගේම පොලිස් කොමිසම පවා මේක මහා වංචාව සහමුලින්ම යට ගැහුවා.වැඩේ හරියට කරනව නම් මම සම්පූර්ණ ලිඛිත සාක්ෂි ඇතිව ඉදිරිපත් වෙන්න සූදානම්. මමයි හිටපු විදුහල්පති.ඔබතුමාගේ කාලෙ මේ වංචාව යට ගැසුවා.මේ පිළිබද මම ඔබතුමාටත් ලිපි 100 කට වැඩියෙන් ලියල ඇති. කථා කලාට වැඩක් නැහැ. අපරාධයන් වලක්වන්න අවශ්‍ය පියවර නොගෙන.ඒ නිසා දැන් හරි නීතිය කියාත්මක කරන්න. මම සූදානම් රජය වෙනුවෙන් මේ අපරාධය හෙළිදරව් කරන්න.
මෙයාගේ මල්ලිලා ,පුතා ,දුව රටට කරපු විනාශය ඇති.රක්ෂිත වල හෝටල් හැදුවා ,සහල් මාෆියාව ගොඩනැගුවා .මූ රටට සාපයක්
ඔබ තුමාගේ අයියා වගේ
ඔය කියලා තියන නායකයන් ආදර්ශයට ගත්තට මේ ලෝකෝත්තරයා නම් ආදර්ශයට ගන්න එපා
ඒක ඇත්ත, නැතිනම් සමුපකාර මැනේජර්ලා ග්‍රාමසේවක ලා කොහොමද මෙහෙම ඉන්නෙ..
ඔයත් දිගටම කරේ කොන්ත්‍රාත් වැඩනේ..
වලත්ත මුඛය බොරු කිව්වත් රස පිලිබදව හොද ඥානයක් තිබෙන දිව බොරු නොකියන බවත් එය මටත් හොදින්ම අදාළ බව ව්‍යංගයෙන් සමස්ත ලාංකික සමාජයටම සත්‍ය ප්‍රකාශ කිරීම පිලිබදව වැටකොළු මුදලාලිට අපගේ අවංක ස්තුතිය පුදකරන්නෙමු.වැලිගම් යාමට ආසන්නයේදී තමන්ට තමන් පිලිබදව වැටහීම සතුටට කරුණකි. එලෙසම අනෙකුත් දේසපාලුවන් 225ටත් ( විශේෂයෙන් රෙද්ද කරටම අරගෙන අපි හරි අවංකයි කියන බලපෙරේත දේශපාලුවන්ට ) තමන් පිලිබදව ඉතා ඉක්මනින් සත්‍ය අවබෝධ වේවා.....
මෙයාගේ කාලෙ...දුව ඉස්සරහට දාගෙන ගහපු ගැහිලි මොනතරම් රටේ මිනිස්සු කතා වුනාද? මිනිස්සු රටට හොදක් කරන්න කියල මේගොල්ලෝ පත්කරලා යැව්වට...බලය ගත්ත දවසේ ඉදන් පවුල් පිටින් හැත්තෑ බුරුත්තම මහජන මුදල් ප්‍රකෝටි ගනම් හොරකනවා.ඒ වත්කම් ඔක්කොම තියෙන්නේ පිට අයගේ නම් වලින්.මේගොල්ලෝ අද සුර සැප වින්දට මිනිස්සු තියන දෙස් දෙවොල් වලට පවුල් පිටින් අපාගත වන එක ඒකාන්තයි .
දේශපාලකයින්ට දෙන වරප්‍රසාද අහෝසි කරන්න. එදාට රටට නියම ආදරේ කරන අවංක අය දේශපාලනයට එයි.
තවත් කියවනවා. ඔබතුමා කරපු හරිය හොඳටම ඇති.
ඡන්දයක් දිනුව ගමන් දේශපාලකයාගෙ පවුලේ උදවිය ඇඩ්ටයිසින් ඒජන්සි දාගෙන සියළු ප්‍රචාරණ කටයුතුවලට පක්ෂෙන් වියදම්වන මුදල තමාට බැර කරගන්නවා. ඒ අය අලුත් සමාගම් පිහිටවා ආණ්ඩුවේ කොන්ත්‍රාත්තු ගන්න බලනවා. ඔබතුමාගෙ කාලෙ මෙය වෙනස් කිරීමට උත්සාහ කලාද නැතිනම් ඔබතුමාගෙ පවුලේ අයටත් ඉඩ දුන්නාද? බොහෝ දේශපාලකයින් කියන බොරු හැටියට ඒ අයට යන්න වෙනම අපායක් ලැහැස්ති කරල ඇති.
අපි දැක්කා ඒ කාලේ.....අනේ පව් මෙයා...
බොහෝ දෙනෙක් නොවේ හැමෝම
ඉස්සෙල්ලාම ඔබතුමා අනිත් යට ආදර්ශයක් වෙලා වහාම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න
ගාල්ලේ අරලිය හෝටලේ ඉදිරිපිට තියෙනවා ජීවමාන ප්‍රමාණයේ වටිනා ලී වලින් හදපු අලි.