(ජේ.ඒ.එල් ජයසිංහ සහ ඩබ්ලිව්. ඒ . අසේල)

පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරෙන් පැන ගොස් මහවැලි ගග හරහා පිහිනා යද්දී දියේ ගිලී මරණ පත්වූ බවට සැකකෙරෙන රැඳ වියකුගේ මළ සිරුරක් ගුරුදෙණිය ප්‍රෙද්ශයේදී මතුවී ඇතැයි තලාතුඔය පොලිසිය පවසයි.

නිල් පැහැති කොට කලිසමකින් සහ නිල් පැහැති අත්කොට කමිසයකින් හෙබි මෙම මළ සිරුර පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරෙන් පැනගිය රැදවියකුගේ විය හැකි බවට පොලිසිය සැක පළ කරයි.

තලාතුඔය පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.