දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට දිල්ලිය තීරණය කර ඇත.

ඒ අනුව රාත්‍රී 11 සිට පසුදා උදෑසන 5 දක්වා මෙම රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට දිල්ලි නගර ආණ්ඩුව තීරණය කර ඇත.

දිල්ලියෙන් ඉරිදා දිනයේ දී පමණක් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 290ක් වන අතර එය සියයට 16ක වැඩි වීමක් යැයි පැවසේ.

අවසන් පැය 24 දී දිල්ලියෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිත මරණ ගණන එකක් වේ. වයිරස ආසාදනය වීමේ අනුපාතය සියයට 0.5ක් බවත් එය අවදානම් සහගත තත්ත්වයක් බවත් දිල්ලි බලධාරීන් පවසා ඇත. එම තත්ත්වය අඛණ්ඩව දින දෙකක් පැවැතිය හොත් “කහ අනතුරු සංඥා” නිකුත් කිරීමට සිදුවනු ඇතැයි ද පැවසේ