(සුජිත් හේවාජුලිගේ )
විවිධ මාධ්‍ය ඔස්සේ පැතිරෙන යම් යම් මිථ්‍යා මත නිසා කොවිඩ් තුන්වෙනි මාත්‍රාව ලබා ගැනීමේ සැලකියයුතු පසුබෑමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
දැනට කොවිඩ් තුන්වෙනි මාත්‍රාව ලබා ගෙන ඇත්තේ ලක්ෂ තිස් තුනක පමණ පිරිසක් පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
මෙය ප්‍රමාණවත් තත්වයක් නොවේ යැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මිත්‍යා මතවලට රැවටී තුන්වෙනි මාත්‍රාව ලබා ගැනීමෙන් වැළකීම තමන්ගේ සෞඛ්‍ය තත්වය නොසලකා හැරීමක් බවද පැවසුවේය.
ලෝකයේ සමහර රටවල් තුන්වෙනි මාත්‍රාව ලබා දීම අවසන් කර සිවුවැනි මාත්‍රාවට යොමුවී සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.
යමෙකුට යම් සෞඛ්‍යමය ප්‍රශ්නයක් තිබේ නම් අදාළ වෛද්‍යවරයා හමුවී ඒ ගැටලුව නිරාකරණය කරගෙන තුන්වෙනි මාත්‍රාව ලබා ගන්නැයි ඉල්ලීමක් කරන බව පැවසූ හේමන්ත හේරත් මහතා තුන්වෙනි මාත්‍රාව ලබා නොගෙන කොවිඩ් වසංගතය තුරන් කර ගැනීම
දුෂ්කර බවද සඳහන් කළේය.
මේ තත්වය යටතේ රෝගී පුද්ගලයන් හරහා වයිරසය පැතිරීම දිගින් දිගටම සිදුවී කොවිඩ් ප්රශ්නය අවසානයක් නොදකින තැනකට ගමන් කළ හැකි බවද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගතුන් යැයි සම්මත අයත් කිසිම පරීක්ෂණයකින් තොරව තමන්ගේ හිතලූන් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනකොට කොහොමත් විද්‍යාත්මක පදනමකින් තොර මිනිසුන් තව තවත් එන්නතින් ඈත් වෙනවා. මේ සඳහා හොඳ කතිකාවතක් ඇති කළොත් ටිකක් හරි සාර්ථක වෙයි.
ෆයිසර් කියන්නේ තමන් නිෂ්පාදනය කරන බෙහෙත් වලට හොඳ කරන්න බැරි ලෙඩ, හොඳ කරන්න පුළුවන් කියලා බොරු ප්‍රචාර කරපු නිසා ලෝක ඉතිහාසයේ ලොකුම දඩය ඩොලර් බිලියන තුනක් ගෙවපු බෙහෙත් නිෂ්පාදන ආනයනය කියන්නේ මිත්‍යාවක් ද?
ඊශ්‍රායලය හතරවෙනි එන්නතත් දෙන්න පටන් ගත්තා...
මිථ්‍යා මත නොවේ.. ඒ තමයි සත්‍ය.. "එන්නත" පසුගිය වසරේ දුන්නේ වෛරසයට විරුද්ධව, කිව්වට එය දැන් සති 10න්..10න්.. වෛරසය කෙසේ වෙතත්, ශරීර ප්‍රතිශක්තිකරණය නම් අඩුවෙලා නිකරණේ රෝගී තත්ත්වයන් ඇතිවෙලා.. එන්නත නොමැතිව ශරීර ශක්තිය රඳවා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙයිනේ මෙහෙම යද්දි.. හරියට ෆාමසි මාෆියාවක් වගේනේ මේ කොරෝනාත් හැබෑට...
බොරුව හැමදාම කරන්න බෑ. මේක තනිකරම බටහිර බෙහෙත් ව්‍යාපාරයක්... අපේ තිබුණු ඩොලර් සේරම එන්නත්වලට ගෙව්වා, මැෂින් වලට ගෙනාවා.. තව කොපමණ දේවල් ගෙනාවාද?
ගොබ්බයින් අහයි අපිද හොඳට කළේ කියලා. අපේ ඩියුටිය අපි කළා. 3 වෙනි එන්නතත් අපි දුන්නා. කැමතිනම් ගනිල්ලා, නැතිනම් නිකන් හිටපල්ලා. වේලාවට 4 වෙනි එන්නත දෙන්න පටන් ගන්න. කොරෝනාවට තොවිල් නටන්න කිව්වා නම් රටේම පොල්ගස්වල ගොක්කොළ කපාගෙන තොවිල් නටාවි. ඒක හම්බයෝත් කට්ටඩි ජොබ් එක පටන් ගනීවි...
මමත් බය වුණා. ඕන කෙහෙල්මලක් කියලා බූස්ටර් එක ගත්තා. ඒත් යන්තම් උණ ආවා. ගහපු තැනනම් දවස් 2ක් විතර යන්තම් රිදුණා. මහන්සි වෙලා දවස් 3ක් විතර යනකම් වැඩ කරන්න බැරි වුණා. දැන් ඔක්කොම හරි. මම හිතන විදියට දැන් මරණ ගණන අඩුවෙලා තියෙන්නේ මේ එන්නත නිසා. ඇතැම් මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාරය කරන අය මොන අදහසකින් ඒක කරනවද?.