
රටවල් තුනක රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල තුනක් දෙසැම්බර් 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට තීරණය කර ඇතැයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව නයිජීරියාවේ අබුජා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ සයිප්‍රසයේ නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය යනාදී විදේශවල හි පිහිටි දූත මණ්ඩල/දූත කාර්යාල තුන 2021 දෙසැම්බර් 31 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව වසා දැමෙන බව එම අමාත්‍යාංශය කියයි.
දැඩි සැලකිල්ලෙන් යුතුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව මෙම තීරණය ගෙන ඇති බවත් විදේශ අමාත්‍යංශය ශ්‍රී ලංකාවට අයත් විදේශ දූත මණ්ඩල සහ දූත කාර්යාල ජාලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ක්‍රියාවලියක කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක වන විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සඳහන් කරයි.
ගෝලීය වසංගතය හේතුවෙන් එල්ල වී ඇති බරපතල ආර්ථික අභියෝග හමුවේ ද්විපාර්ශ්වික සබඳතා ඵලදායී ලෙස පවත්වාගෙන යාම තහවුරු කරමින්, රටට අවශ්‍ය විදේශ සංචිත සුරක්ෂිත කිරීම සහ විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල/දූත කාර්යාල නඩත්තු කිරීම සඳහා වැය කෙරෙන වියදම් අවම කර ගැනීමේ අරමුණින් මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරෙන බව එම අමාත්‍යාංශය කියයි.
මෙලෙස හඳුනාගත් දූත මණ්ඩල / දූත කාර්යාල තුන තාවකාලිකව වසා දැමීමේ තීරණය අඛණ්ඩ සමාලෝචනයට යටත් වන අතර, අවශ්‍යතාව අනුව අදාළ නේවාසික දූත මණ්ඩල / දූත කාර්යාල නැවත ස්ථාපිත කිරීම සලකා බැලීමට ඉදිරියේ දී කටයුතු කෙරෙන බව ද විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කරුණාකරලා ටොරෝන්ටෝ කොන්සල් ජනරාල් කාර්යාලයත් වසා දමන්න. එහි පින් පඞි ගන්න සේවකයන් කොරෝනාවට පෙරසිට කිසිදු අවස්ථාවක කිසිම දුරකතනයකට කතා කරන්නේ නැහැ. මෙය දැනටත් එහෙමයි. විදේශ කටයුතු අමාත්‍යංශයේ දන්න කෙනෙක් ටොරෝන්ටෝ කෙනෙකුට කියලා මෙම කාර්යාලයට අද වුනත් දී බලන්න.
විදේශ සේවය යනු රටක ඉතාමත්ම වැදගත් වගකීම් සහිත සේවාවකි. එනමුත් අප රටේ විදේශ සේවය යනු රටේ බලයට පැමිණෙන වලත්ත දේශපාලුවන්ගේ පක්කලියන්ට , බොලකාරයන්ට , දේශපාලුවන්ගේ වසුරු ලෙවකන කාලකන්නින්ට "මහජන මුදලින්" සියලු සැප ලබාගැනීමට අවස්ථා ලබාදෙන තෝතැන්නකි. කව්රුන් විරුද්ධ වුනත් මෙය තමයි තිත්ත ඇත්ත. මෙම නිවට ක්‍රියාව 1977න් පසුව මෙන්ම මේ මොහොතෙත් ඉතාමත්ම වේගවත් ලෙස සිදුවීම රටේ අනන්‍යතාවයට, රටේ අභිමානයට මරුපහරකි.විදේශ රටවල සිටින ලාංකිකයන් වැඩි පිරිසක් තමන් සිටින රටේ අපේ තානාපති කාර්යාලවල සිටින උද්දච්ච, නිලය ඔලුවේ කොටා සිටින ලේ මාපිලන් පිලිබදව ඇත්තේ ඉතාමත්ම පිළිකුල් හැගීමය. එසේ නමුත් එවන් ලේමාපිඅන්, මල පෙරේතයන් අතරේ විදේශ තානාපති කාර්යාලවල ඒ සදහා සුදුසුකම්ලත් අවංක විනීත,නිහතමානි නිලධාරින් නොසිටිනවාම නොව අප එවන් නිලධාරීන්ට අපගේ ප්‍රනාමයද පුදකරන්නෙමු.