
(පානදුර සුමිත් ප්‍රේමතිලක බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා රෝගීන් රැගෙන යමින් සිටි පෞද්ගලික රෝහලකට අයත් සුඛෝපභෝගී වෑන් රථයක් අද (27) සවස පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ දී , නවතා තිබූ ලොරි රථයක සහ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි අලුබෝමුල්ල පොලිසිය කියයි .
අනතුර සිදුවීමත් සමගින් , වෑන් රථය අසලට රැස්වූ ප්‍රදේශවාසීන්ට එහි කොරෝනා ආසාදිතයින් සිටින බව දැනගැනීමත් සමගින් ,වහා ඉවත් වූ බව ප්‍රදේශවාසීන් පවසයි .
අනතුරෙන් තුවාල ලැබූ වයස අවුරුදු 70 ක පමණ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත .
බලංගොඩ ප්‍රදේශයේ සිට පෞද්ගලික රෝහලට අයත් සුඛෝපභෝගී වෑන් රථයකින් කොරෝනා ආසාදිත රෝගීන් හය දෙනෙකු කොළඹ තරු පහේ හෝටලයක් වෙත , රත්නපුර-පානදුර මාර්ගය හරහා රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි .
සුඛෝපභෝගී වෑන් රථය ලොරි රථයේ පිටුපස ගැටීමත් සමඟම ලොරි රථය ඉදිරියට ඇදී ගොස් නවතා තිබු යතුරු පැදියක සහ මාර්ගයේ ගමන් ගත් ගමන් ගත් පුද්ගලයකුගේ ගැටී අනතුරුව වෙළඳසැලකටද කඩා වැදී කාණුවකට වැටී නතරවී ඇති බව පොලිසිය කියයි .
ආසාදිත කොරෝනා රෝගීන්, වෙනත් සුඛෝපභෝගී වෑන් රථයකින් පිටත් කර හැරීමට කටයුතු කරන ලදී.
අලුබෝමුල්ල ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd