
( සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල බත්ගොඩින් අතුරුදන්වූ දස හැවිරිදි දරුවකු අද කොළඹ පිටකොටුවෙන් හමුවූ බව හපුතලේ පොලිසිය කියයි.
හපුතලේ සිට බස්රථයක නැගී මෙම දරුවා පිටකොටුව දක්වා ගොස් සිටියදී පිටකොටුව පොලිසියට ඊයේ 27 හමුවී තිබේ.
දරුවාගේ අතුරුදන්වීම පිළිබඳව පියා පොලීසියට පැමිණිලි කර තිබුණි.
හල්දුම්මුල්ල බත්ගොඩ පදිංචි මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතය දස හැවිරිදි දරුවකු මෙසේ නිවසින් පිටව ගොස් තිබේ.
බස් රථ බැලීමට ආසාවක් දක්වන බැවින් නිතරම මෙම දරුවා බස් බැලීමට පාරට යන බවත් මෙදිනද බස් බැලීමට පාරට යන බව පවසා මෙම දරුවා නිවසින් ගොස්ඇති බවත් මව පොලීසියට පවසා ඇත.
නැවත රාත්‍රිය වනතෙක් නොපැමිණි බැවින් මේ පිළිබඳව හපුතලේ පොලිසියට පැමිණිලි කර තිබේ.
දරුවා ගේ පියා පිටකොටුව පොලිසියට කැඳවා දරුවා භාරදීමට නියමිත බවද පොලිසිය කියයි. හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් පිළිබඳව ඇති කැමැත්ත පෙර සසර පුරුද්දක් නේද?
දෙමව්පියන් අවධානයෙන් හිටියේ නැත්නම් මේ දරුවා බස් නිසා කම්බස් වෙන්න පුළුවන්
මම හිතුවේ ට්‍රේන් එක විතරයි ෆ්‍රී කියලා බස් එකත් ෆ්‍රී වෙලාද නැත්නම් කොන්දොස්තරයා ගොනෙක්ද අවධානයක් නොමැතිව ඉන්න