(සුජිත් හේවාජුලිගේ )
 

කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයකුවන මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඊයේ ඉල්ලීමක් කළේය.

මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝකාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක තමා මෙම ඉල්ලීම කරන බවද ඔහු එහිදී පැවසුවේය.

සුබයිර් මහතා මෙම ඉල්ලීමක් කළේ එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  රැස්වූ අවස්ථාවේදීය.

තමා ස්වෙච්ඡාවෙන්  අදහස්  ලබාදීම සඳහා පැමිණි බව පැවසූ සුබයිර් මහතා අධිකරණ ක්ෂේත්‍රයේ  වසර 40ක තම සේවා කාලයේදී  ලද කණගාටුදායක අත්දැකීම් සිහිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කරන බව වැඩිදුරටත් පැවසීය.