(අංජුල මහික වීරරත්න)
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බඩු මිල අහස උසට ගොස් තිබෙන අවස්ථාවක බස් ගාස්තු ද වැඩි කිරීමෙන් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නාටත් එහා ගිය පීඩාවකට ජනතාව පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එදා වේල ආර්ථික ප්‍රථිපත්තියක් භාවිතා කරන ආණ්ඩුව නිසා ජනතාව දිනෙන් දින පීඩාවට පත් වනවා හැර වෙනත් විසදුමක් නැතැයි කී රුවන් විජයවර්ධන මහතා ගහෙන් වැටෙන මිනිහාට ආණ්ඩුව නැමැති ගොන් රැල විසින් දිගින් දිගටම අනිමින් සිටින බවද කීවේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති පක්ෂ තරුණ ක්‍රියාකාරී හමුවකට එක්වෙමින් නියෝජ්‍ය නායකයා පැවසූයේ ආණ්ඩුවේ සැලසුමක් නැති වැඩ නිසා ජනතාව දිනෙන් දිනම පීඩාවට පත් වන අතර බඩු මිල නූල කැඩුණු සරුංගලය සේ වෙළෙන්දාට අවශ්‍ය අයුරින් පාවෙලා ඉහළ යන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015 ඉඳලම ගොන්නු අනින එකේ ඉවරයක් නැහැ...
අපි නම් බිමට තමයි වැටුනේ ,එත් ඉතින් අපි පැදුරේ ඉන්න පුරවසියන්නේ ගානක් නැහැ... මේ "ගොන් තඩියෝ" ගහෙන් වැටුනේ ලග තිබෙන පොදු වැසිකිලි වලටනේ.....එනිසා මුන්ට ගොන්නු ඇනල නැහැ නමුත් ඇනල තියෙන්නේ..........තොපි දේශපාලුවන් 226 දෙනාගේ මුසල කටවල් වලින් එක වචනයක් පිට කලත් තොපිට පව් පිරෙනවා බොලව්, එතරමට තොපි 226 දෙනා මහා පව්කාරයෝ බොල .... ඒක දැනගනිව් මලපෙරේත හැත්තෑ....