
(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරු තවත් සේවා කීපයකින් ඉවත් වීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.
ඒ අනුව තෙල් ප්‍රවාහනය, ප්‍රීමා ප්‍රවාහන සහ හොල්සිම් ආයතනය සඳහා හුණුගල් ප්‍රවාහනය යන සේවාවාරවලින් ඉවත්වීමට තීරණය කළ බවත් ඒත් සමගම බණ්ඩාරනායක ගුවන්තොටුපල වෙත ඉන්ධන ප්‍රවාහනයද මීට සමගාමීව නතර වන බවත් ලේකම්වරයා කීය.
එමෙන්ම කණිෂ්ඨ සේවක හිඟය හේතුවෙන් මෙතෙක් ඉතාමත් අපහසුවෙන් ක්‍රියාත්මක කරගෙන යනු ලැබූ නවාතැන් බංගලා සහයක සේවාවාර සහ රියදුරු නියාමක ගමන් මළු සේවාවාරවලින් කාර්යමණ්ඩල ඉවත් කරගැනීමට කටයුතු කරනු ලැබූ බවත් දුම්රිය ස්ථාන හරහා වෙන්කරනු ලබන දුම්රිය විවේක කාමර හා නිවාඩු නිකේතන වෙන්කිරීම් කටයුතුද ඊයෙ දින සිට අත්හිටුවීමට කටයුතු කළ බවද ලේකම්වරයා පැවසීය.
දුම්රිය ස්ථානාධිපති සංගමය තම වෘත්තීය ක්‍රියාමාර්ගය මගීන්ට අපහසුතාවයක් නොවන අන්දමින් ක්‍රියාත්මක කිරීමට තීරණය ඇති බව කී ලේකම්වරයා මෙම ක්‍රියාමාර්ගය හරහා දෙපාර්තමේන්තුවට වන අලාභය හා රජයට සිදුවන අපකීර්තියේ වගකීම සෘජුවම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා භාරගත බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමන රජයක් පැවැතියද,මේ දුක්බර දුක්ඛිත කාලයේ රට තවත් අගාධයට ඇද වැටෙන මෙවැනි හිත්පිත් නැති වැඩ වර්ජන හා වූර්තීය සමිතිවල ක්‍රියා පිළිකුලෙන් බැහැර කරමු. 2/3 බලයක් තියෙන එකේ මේ නිසා රටට පාඩුවන මුදල් මෙවැනි වැඩ කටයුතු කරගෙන යන අයගේ වැටුපෙන් කපාගැනීමට කටයුතු කළ යුතුය.
මාර සංගම්.... ඕක කාල බීලා, හප කරලා දාන්න. CGR එකේ ඉන්න පිං පඩි ගන්න ටික අයින් කරලා අවශ්‍ය තැන් වලට කට්ටිය දා ගන්න.
කරුණාකරලා මේ ආයතන පුද්ගලීකරණය කරන්න . මේ විදිහට මේ රට කවදාවත් ගොඩ ගන්නනම් බැහැ . මොවුන් සියල්ලම ඉහළ වැටුප් වලට හිමිකම් කියන අය..නමුත් දෙපාර්තමේන්තුවම පාඩු පිට දුවන්නේ. මොවුන්ට විරුද්ධව අනිවාර්යයෙන් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක විය යුතුයි.
තමන් ලබන වැටුපට සරිලන සේවයක් තමන් අවංකව මහජනතාවට ලබාදෙන්නේද යන්න සියලුම වර්ජකයන් තමන්ගේ හිතට එකගව පිළිතුරු දෙන්නේ නම් "නැත යන" එම පිළිතුර බව නම් 100% නිවැරදිය. මිනිසුන්ට මෙතෙක් කල් මහජනතාව විසින් වැටුප් ලබාදීම පිලිබදව රටේ සියලුම පුරවැසියන් තමන්ටම මඩු වලිගයෙන් තලාගත යුතුය. අර සේවයෙන් ඉවත් වෙනවා මේ සේවයෙන් ඉවත් වෙනවා කියමින් තටමනවාට වඩා නම්බුකාර ලෙස සියල්ලෝම තම තමන් විසින්ම සේවයෙන් ඉල්ලා අස්වී තමන්ගේ ඒ ලංකා මාතාවට යහපතක් කිරීමට පුළුවන් නම් සියලුම පුරවැසියන් සුබපතනු නියතය....
මේ ටික ඉරිදා ලංකාදීප සිරස්තල වල් ,සර් ෆේල් රටට අබ සරණයි
තම මෞබිම අගාදයට ගෙනයන මේ අපතයන් වහා ඇස කර දමා නවකයන්ට තනතුරු ලබාදිය යුතුය
රියදුරු නියාමක ගමන් මළු සේවාවාර... මේ කියන්නේ රියදුරු හා නියාමකයින්ගේ ගමන් මළු දුම්රියේ සිට නවාතැන දක්වා උස්සගෙන යන එකනේ... තමන්ගේ ගමන් මල්ල තමන්ට උස්සගෙන යන්න බැරිද? මේක අනවශ්‍ය තනතුරක්. මල්ලක් උස්සන් යන්න බැරි තරමට ශරීර ශක්තිය දුර්වල අය දුම්රියක් පැදවීමට හෝ නියාමනයට සුදුසු නැත. එ් නිසා එම ලෙඩ්ඩු හෝ අබ්බගාතයන් ඉවත් කර මල්ලක් උස්සන්න තරම්වත් ඇඟේ හයිය තිබෙන අය පත්කළ යුතුයි...
හමුදා නිලධාරීන්ට පුහුණුවක් දීලා ජොබ් එකට දමන්න. නැතිනම් ඉල්ලීම් දෙනවා කියා වැඩ අරගෙන පසුව නොදී ඉන්න...