(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ කරුවකු වන  අමිල ප්‍රසංග හෙට්ටිහේවා  නොහොත් සන්සයින් සුද්දා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වන ටින්කර ලසන්ත යන අය සමග වෑන් රථයකින් ගමන් කළ සැකකරු තඹුත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව  මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය   කියයි .

අත්අඩංගුවට ගත් සැකකරු වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා බව පොලිසිය කියයි .

සැකකරු  ඔහු සන්තකයේ  තිබූ ත්‍රිරෝද රථයක ජංගම දුරකථනයක් සහ මුදලෙන් රුපියල්,102,000 ක මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 43 ක් වන මට්ටක්කුලිය  පදිංචිකරුවෙකි