
(නිමල් ජයරත්න)
දිනෙන් දින ඉහළ යන බඩුමිල හේතුවෙන් තමන්ට ජීවත්වීමට අසීරු බව පවසා ඉතා කඩිනමින් විසැඳුමක් දෙන්නැයි ඉල්ලා දිඹුලාගල දලුකාන ආදිවාසී නායීකාව වන කේ. ලිසිනෝනා මහත්මිය ඇතුළු තවත් ආදිවාසී පවුල් හතක් සහ ඔවුන්ගේ දරුවන් දලුකාන ශ්‍රී පෞරාණික පත්තිනි දේවාලය අසල අද විරෝධතාවක නිරත වූහ.
රජය ඉන්ධන මිල හා බඩු වල මිල ඉහළ දැමීම නිසා දලුකාන ගම්මානය මෙන්ම, යක්කුරේ, මිල්ලාන, කොළකනවාඩිය, බෝඅත්ත කුඩාවැව, ඇල්ලේවැව, ඇතුළු ගම්මාන වල ජීවත් වන ආදිවාසි පවුල් 800 ක් පමණ මහත් පීඩාවට පත්ව ඇති බවද දලුකාන ආදිවාසී නායකා කේ ලිසීනෝනා මහත්මිය සඳහන් කළාය.
දලුකාන ගම්මානයේ පවුල් 450 ක් පමණ ජීවත් වන බවත් ඉන්න පවුල් දෙසීයකට ආසන්න පිරිසක් ආදිවාසී පවුල් බවත්, ඒ අතරින් ද පවුල් 100ක් පමණ ජීවත්වීමට කිසිදු ආදායම් මාර්ගයක් නොමැති බව ද ඕ සඳහන් කළාය.
බොහෝ දෙනකු කුලී කරමින් ජීවත් වන අතර, කිසිදු ආදායමක් නොමැතිව දිනකට වේලක් පමණ ආහාර ගන්නා පවුල් දහයක් පමණ සිටින බවද ඔවුන් සඳහා යම් ආධාරයක් උපකාරයක් හෝ සහන බඩු මල්ලක් ලබා දෙන ලෙස ද ආදිවාසී නායිකාව වැඩිදුරටත් සඳහන් කළාය.
එම් ආදි වූ ආදිවාසී පවුල් අතරින් කීපදෙනකු දිඹුලාගල කන්දේ මී කඩා පැණි විකුණා ජීවත් වූ අතර තවත් පිරිසක්, කටු අල හාරා,ගල් සියඹලා විකුණා ජීවත් වූ බවත්, එම් ජීවනෝපාය මාර්ගය ද තම වර්ගයාට අහිමි වී ඇති බව ද ඇය සඳහන් කළාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන උද්ඝෝෂණයක් ආදිවාසී ලේබලේ ගලවලා කරන්න. ආදිවාසී සහ ඉන්ධන ගැලපෙන්නේ නෑ..
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.. තවත් සර්ට කඩේ ගියානම් හරි..
මේ මොන විකාර කතාවක්ද? දිඹුලාගල ඉන්න අධිවාසියෙක් නැහැ. 1969 කාලේ මම මහවැලි වැඩට සම්බන්ධ වෙලා රාජකාරී කලේ අල්ලවැව කියන ගමේ. අල්ලවැව දිඹුලාගලට එහා ගම...
දුප්පතාගෙ හිතවතා එනකම් ටිකක් ඉවසන්න මහත්මිය. දැන් තියෙන්නෙ තියන එකාට තවත් දෙන ආන්ඩුවක්.
ආදිවාසීන්ට කොහේද හොඳට ලියපු බෝඩ් ආවේ...? මේවා ඔක්කොම සජිත්ගේ මිනිස්සු අවුස්සන්න කරන වැඩ...
කොළ අතු එල්ලා ගෙන දඩයමක් කරලා ජීවත් වෙන්න බැරිද ඉස්සර කළා වගේ?අපිත් දැන් යන්නේ එන්නේ පයින් .මිදුලේ අල බතල හිටවලා, උයන්නේ දර ලිප් වල .ඉස්සර කළා වගේ
රජය අපහසුතාවයට පත්කරන්න පුළුවන් කියලා සජබ කරපු තවත් උත්සාහයක්... මේ කාලේ වෙනකොට කොහේද කටුඅල හාරගෙන කන, සතුන් දඩයම් කරන, මී පැණි විකුණන වාසීන්...? එයාලට මොකටද තෙල් මිල? භූමිතෙල් මිල..? ඒත් සිංහල අකුරු ලියන්න දුන්නේ කවුද?