විදුලි බිලට වෙට්ටුවක් දැමූ තරුණයා මාට්ටු විදුලි බිල්පත් වලට 10% සිට ඉහළට විශේෂ වට්ටම් ලබා දෙන බව පවසා විවිධ තරාතිරම්වල පුද්ගලයන් මුලාකර රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් වංචා කළ තරුණයකු කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය කියයි. 28 December 2022
පී.සී. ත්‍රිරෝද රියැදුරාන්ගෙන් අල්ලස් ගනින්දී මාට්ටු ත්‍රීරෝද රථ රියදුරකුගෙන් පුද්ගලයකුගෙන් රුපියල් පන්දහසක මුදලක් ලබාගත් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංකා මහතා පැවසීය. 28 December 2022
සුරාබදු දෙපාර්තමේන්තුවට අලුත් ලොක්කෙක් සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ මහතා පත් කරනු ලැබ තිබේ. 28 December 2022
හූනෙක් පවුලක් වනසයි නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් තිබේ. 28 December 2022
ඇමතිත් අඩු මිල බිත්තර ගනී රුපියල් 55ට බිත්තර අලෙවි කිරීමේ වැඩසටහන කොළඹ සහ ගම්පහ දී අද ආරම්භ කෙරුණු අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බත්තරමුල්ලේ දී අඩු මිල බිත්තර මල්ලක් මිලදී ගත්තේය. 28 December 2022
ජනතාව බය කර බිල වැඩි කරන්න එපා විදුලි බිල සම්බන්ධයෙන් ජනතාව බිය වැද්දීමට තමා එකඟ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 28 December 2022
ඡන්දෙට සල්ලි දුන්නොත් ගොඩගත් ආර්ථිකයත් වතුරේ රජයේ මාසික ආදායම රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා ගෙවීම සඳහා පමණක් ප්‍රමාණවත් ව තිබෙන පසුබිමක් යටතේ මැතිවරණයක් තැබුවහොත් ආර්ථික අර්බුදය තවත් උග්‍ර වී රට ගොඩගත නොහැකි තත්ත්වයකට ඇද වැටෙනු ඇතැයි මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. 28 December 2022
ඩුබායි සුද්දාට ඇප විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් රැකියා සඳහා විදේශ ගතකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ‘ඩුබායි සුද්දා’ රුපියල් ලක්ෂය බැඟින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් ශ්‍යාමිනී විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය. 28 December 2022
‘ඩුබායි සුද්දා’ අධිකරණයට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් රැකියා සඳහා විදේශ ගතකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ‘ඩුබායි සුද්දා’ නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට මීට සුළු මොහොතකට පෙර රැගෙන ගිය බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 28 December 2022
හොර ඔප්පු නඩුව මඟහැර සිටි නීතිඥයා මාට්ටු කූඨ ලේඛනවලින් ව්‍යාජ ඔප්පු දෙකක් සකස් කිරීම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටි නීතිඥවරයකු අත්අඩංගුවට ගත්බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි . 28 December 2022
බෙහෙත් වර්ග 153ක් හොයා ගන්න නෑ සෞඛ්‍ය අමාත්‍යංශය පාවිච්චි කරන බෙහෙත් වර්ග 300 ගණනින් බෙහෙත් වර්ග 153 ක් මේ වන විට තුළ රට තුළ නොමැති නිසා හැකි ඉක්මණින් එම අඩුව පිරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (28) පැවසීය. 28 December 2022
චීනයේ මහා අනතුරක් අයහපත් කාලගුණය සහ නොසැලකිලිමත් රියදුරන් හේතුවෙන් චීනයේ සෙන්ග්සූ නගරයේ පිහිටි පාලමක් මත සිදු වූ දරුණු රිය අනතුරකින් වාහන 200 කට අධික ප්‍රමාණයකට හානි වී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර ඇත. 28 December 2022
කොච්චියෙන් මඩකළපු යන්න හිටි ගවයන් 13ක් පන්නලා අයාලේ යන ගවයින් අල්ලා නැගෙනහිර පළාතේ ගොවිපලවලට යැවීමට වස්කඩුවේ වාඩියවත්ත ක්‍රීඩාපිටියක කොටුකර සිටී ගවයන් දහතුන් දෙනෙකු අද අලුයම අතුරුදහන්ව ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති. 28 December 2022
චීනය-කොරියාව-ලංකාව හරහා මදුරෙයි ගිය කතට කොරෝනා චීනයේ සිට දකුණු කොරියාව,ශ්‍රී ලංකාව හරහා මදුරෙයි වෙත පැමිණි 36 හැවිරිදි මවකට හා ඇයගේ එක් දියණියකට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ බව තමිල්නාඩු ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය සුබ්‍රමනියන් මහතා ප්‍රකාශ කර ඇත. 28 December 2022
සිවිල් සමාජිකයන් පත් කිරීම ගැන තීරණය හෙට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට(29) ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 28 December 2022
කොටුවෙන්ම කොච්චියට කෝච්චියෙන් කොටුවට දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරිමේ කටයුතු වසර 23 කට පසු ඊයේ දින පස්වරුවේ ආරම්භ කළ බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. 28 December 2022
ජනපතිගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක් අඹේවෙල ගොවිපොළ ආසන්නයේ අතහැර දමා ඇති අක්කර 30ක ඉඩම කඩිනමින් ගොවිපොළට පවරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ නාගරික කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය. 28 December 2022
සජිත් නොකරන දෙයක් ගැන රංගෙ කියයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසි විටෙක ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 28 December 2022
ට්රක්වල සැඟව හංගේරියා පනින්න හැදූ ලාංකිකයන් මාට්ටු ට්‍රක් රථ දෙකකකින් නීතිවිරෝධී ලෙස හංගේරියාවට ඇතුළු වීමට උත්සාහ දැරූ සංක්‍රමණිකයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට රොමේනියානු දේශ සීමාවේදී එරට පොලිසිය සමත්ව ඇත. 28 December 2022
නිවාස අධිකාරියේ කලුතර වංචාව ගැන පරීක්ෂණ සී.අයි.ඩීට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදුව ඇතැයි කියනු ලබන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බව නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.ඒ ජානක මහතා පවසයි. 28 December 2022
මහව සමූප ඡන්දෙන් ජාජබට විශිෂ්ඨ ජයක් මහව විවිධ සේවා සමුපකාර සංගම් මහා සභාව වෙනුවෙන් සභිකයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී සමස්ත ආසන සංඛ්‍යාවෙන් 62% ක ප්‍රතිශතයක් දිනා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමත්ව තිබේ. 28 December 2022
සීමාවට තෙල් දෙන්නෑ ජී7 සාමාජික රටවල් රුසියානු බොරතෙල් සඳහා එකඟ වූ මිල සීමාව පනවන කිසිම රටකට හෝ සමාගමකට බොරතෙල් අලෙවි නොකරන බව රුසියාව පවසයි. 28 December 2022
සිමෙන්ති සංස්ථාව ලක්ෂ 64ක කොටස් පිනට දීලා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව රුපියල් හැට හතර ලක්ෂයක කොටස් පෞද්ගලික සමාගමක ආයෝජනය කර තිබුණත් සංස්ථාවට කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොතිබුණු බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 28 December 2022
පිඟන් සංස්ථාවට උළු කැට වලිනුත් පාඩුවක් පිඟන් සංස්ථාවේ උස්වැව කම්හලින් චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සපයා තිබූ පළමු ශ්‍රේණියේ පැතලි උළු කැට 39,200 ක් ප්‍රතික්ෂේප වී තිබූ අතර එම ප්‍රතික්ෂේප වූ උළු කැට රැගෙන යෑමට සහ එම උළු කැට වෙනුවට හොඳ උළු කැට සැපයීමට සිදුවීම නිසා රුපියල් විසිඑක් ලක්ෂයක පාඩුවක් මණ්ඩලයට දැරීමට සිදුව තිබූ බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 28 December 2022
’’අපේ හඬට කන් නොදුන්නොත් අපි කන් දෙන්නෙත් නෑ’’ ’’ආණ්ඩුව අපේ හඬට ඇහුම්කන් නොදුන්නොත් අපිටත් ආණ්ඩුවේ හඬට ඇහුම්කන් දෙන්න බැරි වේවි’’ යැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය. 28 December 2022
වෙරළබඩ දුම්රියත් කොට උඩ වෙරළබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ හටගෙන ඇති දෝෂයක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 28 December 2022
ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට වසර ගණනක් තිස්සේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රවේ අඩුපාඩුවක්ව පැවැති ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මේ වනවිට අවසන් කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බව එම ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය. 28 December 2022
ප්‍රංශයට ’’සූර්’’වෙන්න ලංකාවෙන් තල් රා තල් රා විශාල ප්‍රමාණයක් පසුගියදා ප්‍රංශයට යැවූ බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතා පැවසීය. 28 December 2022
ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් ප්‍රමාදයි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දුම්රිය මාර්ගයේ රාගම දුම්රිය ස්ථානය සිට මරදාන දක්වා දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය. 28 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026