කුරුඳුවත්ත පොලිසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවත දමයි
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍යයින් පිරිසක් හෙට (09) කුරුදුවත්තේ සිට ආරම්භ කිරීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවන බවත් , ඒ අනුව එම ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුල්වීම වළකාලමින් ආඥාවක් නිකුත් කරන ලෙසත් කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (08) ප්‍රතික්ෂේප කළේය.