(යොහාන් භාසුර)
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (13) පස්වරුවේ අත්හිටුවීමට සිදුවූ බවත් එම පද්ධතිය මේ වන විට යථා තත්වයට පත්කරමින් සිටින බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය.
රටපුරා ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඒ හේතුවෙන් අත්හිටුවූ බවත් අද දිනයේ එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර අයදුම් කළ පුද්ගලයන්ට ස්පීඩ් පෝස්ට් හරහා යොමුකිරීමට කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම බිඳ වැටිලා ඉන්නකොට මේක මොකක්ද? මේ කාලකණ්ණි දේශපාලකයන් තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...
අර ගෑස් පෙට්රල් බූමිතෙල් කිරිපිටි වෙළෙන්දො කරන සූත්තරේ ම ඉගෙන ගෙන වගේ ඒ්කෙ මහත්තුරුත්. ටිකක් පමා කරලා, බඩු නැති කරලා ගනන් උස්සනවා. හෙට අනිද්දා වෙන කොට පාස්පෝට් එකක් අත්‍යවශ්‍ය භාන්ඩයක් කරලා ගැසට් කරන්න බැරිත් නෑ. ඒ්ත් ගැහූ ගැසටුත් නොගැහු ලෙසට දැක්කද මං රිවස් කලා කියලා කියන්නත් බැරි නෑ.