පනතට එරෙහිව කළු සතියක් රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී කළු විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 29 December 2022
සංගීතයෙන් අනතුරුව ගිටාර් වාදකයා මරුට සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත මහතා අභාවප්‍රාප්ත විය. 29 December 2022
60 පැන්න 30,000 අනිද්දා ගෙදර යති රාජ්‍ය සේවකයන් 30,000කට අධික පිරිසක් අනිද්දා (31) විශ්‍රාම යෑමට නියමිතය. රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය යටතේ මෙම පිරිස විශ්‍රාම යන අතර වයස අවුරුදු 60 සහ 65 අතරේ පසුවන රාජ්‍ය සේවකයන් මෙලෙස විශ්‍රාම ගැනීමට නියමිතය. 29 December 2022
මෙසී වෙනුවෙන් කෞතුකාගාරයක් කටාර් හි පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන අවස්ථාවේදී ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී නැවතී සිටි කටාර් විශ්ව විද්‍යාලයේ කාමරය ආර්ජන්ටිනා කණ්ඩායම ලැබූ සාර්ථකත්වය නිසාවෙන් කුඩා කෞතුකාගාරයකට පරිවර්තනය කිරීමට සෞදි බලධාරීන් තීරණය කර ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 29 December 2022
නාගරික සංවර්ධන අධිකාරිය වැඩ 215න් 175ක් හොඳටම කරයි මහා භාණ්ඩාගර ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 10,600ක මුදලක් වෙන්කරමින් මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති 215න් ව්‍යාපෘති 175ට ආසන්න ප්‍රමාණයක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 29 December 2022
ග්‍රේටා අලුත් හුටපටයක ලොව ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නගන ක්‍රියාකාරිනියක වන 19 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් අන්තර්ජාලය තුළ නැවත වරක් පැසසුමට ලක්ව තිබේ. 29 December 2022
බනිස් ගෙඩියක් ගන්න ගිය දරුවා උස්සා පොලොවේ ගහලා බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා චූන් පාන් රථයක් අසලට ගිය වයස අවුරුදු හතර හමාරක කුඩා දරුවකු බීමත් පුද්ගලයකු උස්සා පොලොවේ ගැසීමෙන් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 29 December 2022
අක්කරපත්තු අධිකරණයට ගිනි තැබූ තුනක් දැලේ අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පළමු මහලේ පිහිටි ලේඛනාගාරයේ ගබඩා කර තිබූ නඩු ලේඛනවලට ඉකුත් 21 වැනි දා අළුයම් කාලයේ ගිනි තබා විනාශ කළ බව කියන තරුණයෝ තිදෙනෙක් අක්කරපත්තුව පොලීසිය විසින් පෙරේදා 28 සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 29 December 2022
ප්‍රා සභාපති බට පටවද්දී මාට්ටු බෙලිඅත්ත මාහීල්ල පැරකුම් ප්‍රජා ජල සංචිතයට අයත් ජල නළ තොගයක් ලොරි රථයකින් මහ රෑ රැගෙන යාමට උත්සහ කළ බව කියන බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 29 December 2022
’’ශ්‍රිලනිප’’ තියෙන්නේ අපේ අතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තම කණ්ඩායම අතේ මිස ශ්‍රී.ල.නි.ප බෝඩ් එකේ හෝ ඩාලි පාරේ ගොඩනැගිල්ලේ නොවෙන බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 29 December 2022
රුසියානු ගුවන් කුරුල්ලා මත්තලට සංචාරකයන් 412 දෙනෙකු රැගත් බෝයිං 777 වර්ගයට අයත් “රෙඩ් වින්ග්” (Red Wing) රුසියානු ගුවන් යානය අද පෙරවරු 9.00ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය. 29 December 2022
ඇමෙරිකා ජාතිකයා උණ්ඩ සමග මාට්ටු ඇමෙරිකා ජාතිකයකු සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු සියරට බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී ඔහුගේ ගමන් මල්ලේ තිබී මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10 සහ ඒවා බහාලන පතරොම් ගැබක් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය අද අත් අඩංගුවට ගෙන තිබේ . 29 December 2022
ව්‍යාජ හැදුනුම්පත් අල්ලන්න ආයතන දෙකක් එක්වෙයි ව්‍යාජ තොරතුරු මත ජාතික හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කර විදේශගතවීම වැලැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පරිශිලනය කිරීම සඳහා අවසර දෙමින් එම ආයතන දෙක අවබෝධතා ගිවිසුමකට පසුගියදා අස්සන් තැබීය. 29 December 2022
ආපන ශාලාවලට වෙන්න යන දේ අසේල කියයි රජයේ සහ පෞද්ගලික ආයතන වල ආපන ශාලා බාගෙට බාගයක් වැසී යාමේ අවදානමක් අවදානමක් පවතින බව සමස්ත ලංකා ආපන ආපනශාලා හිමියන්ගේ සංගමය සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 29 December 2022
සහරාන් සමඟ සබඳතා තිබූ අයි.එස් සාමාජිකයෙක් මාට්ටු ශ්‍රී ලංකාවට 2019 වසරේ එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ ෂෙයික් හිදයතුල්ලා නම් අයි.එස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයකු අත් අඩංගුවට ගැනීමට ගැනීමට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සමත්ව ඇත. 29 December 2022
හාර්ට් ටු හාර්ට් සංවිධානයෙන් වෛද්‍ය ආධාර තොගයක් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ හාර්ට් ටු හාර්ට් ජාත්‍යන්තර සංවිධානය තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.27 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 2.7) ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 29 December 2022
පුරන් කුඹුරු අක්කර 14000ක් රජය පවරා ගනියි දිස්ත්‍රික් අටක පුරන් කුඹුරු අක්කර 14,000ක් 2023 දී රජයට පවරාගෙන වගා කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 29 December 2022
ගොවි ගිණුම් වලට අද සල්ලි වැටෙයි ආසියා සංවර්ධන බැංකුව මෙරට සියලුම ගොවීන් වෙනුවෙන් පිරිනමන ලද රුපියල් බිලියන අටක මූදල ගොවි ගිණුම්වලටම බැර කිරීම අද( 29) නිල වශයෙන් සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 29 December 2022
‘ෆයිසර්’ එන්නත් ලක්ෂ 60ක් අපතේ ශ්‍රී ලාංකිකයන් කොවිඩ් මර්දන සිවුවැනි එන්නත් මාත්‍රාව නොගැනීම නිසා ෆයිසර් එන්නත් ලක්ෂ 60 ක් පමණ කල්ඉකුත් වූ බවත් එම එන්නත් ප්‍රමාණය වෙනත් රටකට දීමේ උත්සහය ද අසාර්ථක වූ බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 29 December 2022
චීන සංචාරකයන්ට ‘කොවිඞ්’ පරීක්ෂණ අනිවාර්යයි චීනයේ සිට පැමිණෙන සංචාරකයන් සියලු දෙනා ‘කොවිඞ් 19’ පරීක්ෂණවලට යොමුවී, ආසදිතයන් නොවන බව තහවුරු කළ යුතු යැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසයි. 29 December 2022
වැඩ ප්‍රමාද වී කෝටි 3300 ගෙවන්න වෙලා ව්‍යාපෘති සඳහා ලබාදුන් ණය මුදල් නිසි කලට නිසි පරිදි ප්‍රයෝජනයට නොගැනීම නිසා ණය ලබාදුන් විදේශ ආයතනවලට බැඳීම් ගාස්තු ලෙස රුපියල් කෝටි 3300කට අධික මුදල් ගෙවිමට සිදුව ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. 29 December 2022
රාජ්‍ය ආයතන කෝටි 250 ක් විදුලිබලයට පොල්ල තියලා රාජ්‍ය ආයතන විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2.5 ක් හෙවත් රුපියල් කෝටි 250 කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය. 29 December 2022
සෞඛ්‍ය අමාත්‍යංශය කෝටි 4,500 ක් ණයයි සෞඛ්‍ය අමාත්‍යංශය විවිධ පාර්ශවලට රුපියල් බිලියන 45 ක් හෙවත් රුපියල් කෝටි 4500 ක් පමණ ගෙවීමට ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 29 December 2022
වැස්ස ගැන කලගුණ අනාවැකිය සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (29) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 December 2022
ඖෂධ මිලදී ගැනීමේදී ජනාධිපති මඟහැර නෑ මුදල් අමාත්‍යවයා වන ජනාධිපතිවරයා මඟහැර ඉන්දියානු සමාගමකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන්නේ යැයි පළවූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඉන්දීය ණය යටතේ ඖෂධ මිලදී ගැනීමට මුදල් අමාත්‍යවරයා හරහා කැබිනට් අනුමැතිය ලබාගත් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (28) පැවසීය. 28 December 2022
‘‘විදුලි බිල වැඩි කළොත් විසන්ධි කිරීම්වලට යන්නේ නෑ‘‘ ජනවාරි මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගත්හොත් විදුලි බිල ගෙවීම පැහැර හරින නිවෙස්වලට විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලිය සේවකයන් නොයන වන බව ලංකා විදුලිබල මණ්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසීය. 28 December 2022
රට දුන්නොත් කරන දේ සජිත් කියයි සමගි ජනබලවේගය ප්රමුඛ විපක්ෂයට රට බාරදෙන්නේ නම් පවතින අර්බුදයට විසදුම් ලබාදී ජීවන වියදම පහත හෙළා ජනතාවට සහන ලබාදී රට ගොඩනගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 28 December 2022
ශාෆ්ටර් ඝාතන විමර්ශන ගැන සොයන්න පොලිස්පති සී.අයි.ඩීයට ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව එහි ප්‍රගතිය සොයා බැලීම සඳහා පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 28 December 2022
ඔලිම්පියාඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාව ඉදිරියට අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරගාවලි අතරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන 54 වැනි අන්තර්ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී (2022) ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට සමත් විය. 28 December 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වලට උප නායකයෝ දෙපළක් ඉන්දියාවේදී ලබන ජනවාරි මස 3 වැනිදා ආරම්භ වන තරග සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින පිලේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් සහ විස්සයි 20 පිලේ උප නායකයා ලෙස වනිඳු හසරංග නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 28 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026