රටේ පවතින තත්වය දින කීපයක් තුළ විසඳනවා
දේශපාලන අර්බුදයට සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කළ ද ඊට සාර්ථක ප්‍රතිචාර නොලැබීම නිසා රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය බාරගෙන කටයුතු කිරීමට ඇයුම් කළ බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡා සාර්ථක වීම නිසා ඉදිරි සති කීපය තුළ ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක වන පසුබිම නිර්මාණ වී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය අද (8) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.