
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
අඩි හතරකට ආසන්න දිගින් යුත් ඇත් දළ දෙකක් රුපියල් ලක්ෂ 50 කට විකිණීමට උත්සාහ දැරූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි.
මාතර ප්‍රදේශයේ පුද්ගලයකු විශාල ප්‍රමාණයේ ඇත් දළ යුගලක් විකිණීමට ගැනුම්කරු සොයමින් සිටින බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් දින කිහිපයකට ඉහත දී මාතර ප්‍රදේශයේ බලා පිටත් වී ඇත් දළ යුගළ සන්තකයේ තබා ගෙන සිටින පුද්ගලයා සමග දුරකථනයෙන් සම්බන්ධ වී මාතර පිටබැද්දර ප්‍රදේශයේ විහාරස්ථානයක් අසලදී නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් වී ඇත.
ඇත්දළ ජාවාරම සංවිධානාත්මක ජාලයක් විසින් මෙහෙයවන අතර ව්‍යාපාරික වෙස් ගෙන මිලදී ගන්නා මුවාවෙන් ගිය පොලිස් කණ්ඩායමේ එක් සාමාජිකයකුට පමණක් එය නැරඹීමට අවස්ථාව ලබා දිය හැකි බව පවසා යතුරු පැදියක් ප්‍රධාන මාර්ගයට ඒවා එක් අයකු පමණක් රැගෙන කැලෑවල් තුළින් අතුරු මාර්ග ඔස්සේ කිලෝමීටර දෙකහමාරක් පමණ දුරක් ගොස් ඇත් දල දෙක පෙන්වා තිබූ බව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ පනහකට ඇත් දළ යුගල මිලදී ගැනීමට කැමැත්ත පළ කර එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව එම ඇත් දළ යුගලේ හිමිකරු බව කියන පුද්ගලයකු එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ සමඟම සෙසු පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබූ බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සද්දන්තයකුගේ දළ ලක්ෂ 50කට විකුණන්න ගිහින්