(යොහාන් භාසුර සහ ලක්ෂ්මි ජයකොඩි)
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාරකන් 2009 මානුෂීය මෙහෙයුමේ අවසන් වෙඩි හුවමාරුවේදී මරණයට පත්වූ බවත් තමිල්නාඩුවේ දේශපාලඥායන් කුමක් ප්‍රකාශ කළත් ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට එම ප්‍රකාශවලින් තහවුරු නොවන බවත් යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය.
එවැනි ප්‍රකාශ කිරීමට නීතිමය පදනමක් නොමැති බව කී බි්‍රගේඩියර් රවී හේරත් මහතා ඔහුගේ සමීපතයන්ව සිටි හිටපු එල්.ටී.ටී.ඊ. නායකයන් වන කරුණා අම්මාන් සහ දයා මාර්ටර් යන දෙදෙනා ප්‍රභාකරන්ගේ මළ සිරුර ළගට ගොස් එය ප්‍රභාකරන්ගේ බවට තහවුරු කළ බවත් කීය.
ඔහුගේ සිරුර පිළිබඳව කළ ඩී.එන්.ඒ. පරීක්‍ෂණයකින් එය ප්‍රභාකරන්ගේ බවට තහවුරු වී තිබීම නිසා ඉන් එහාට ඒ පිළිබඳව කථා කිරීමේ ඵලක් නොමැති බව ද හේරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ගෝලීය දෙමළ සම්මේලනයේ නායක පී. නෙඩුමාරන් මහතා ප්‍රභාකරන් ජීවත්ව සිටින බවත් ඔහු ළගදීම නැවත පැමිණෙන බවත් කළ ප්‍රකාශය පිළිබඳව යුද හමුදාව මතය පිළිබඳව කළ විමසුමකදී යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රවී හේරත් මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියො. . පිස්සො කලබල වුනාට දෙස්තරලා කලබල වෙන්න ඔන නෑනෙ.. නැදුමාරන් කියන්නෙත් ප්‍රභාකරන් වගෙම මානසික රොගියෙක්.. අනිත් රොගියා පිනා.. උන් ඔක්කොටම තියෙන්නෙ මන්පොර ජාතක මෙනියාව..
දන්නැද්ද නැදුමරනුත් ළංකාවෙ ඉන්න වයසක කොහෙද යන්නෙ මල්ලෙ පොල් දේශපාලුවෙ වගේමයි. බල තන්හාව
කරුණාකරලා ගොන් ආතල් දෙන්න එපා නෙඩුමාරන් සීයේ, යන තැනකට මොකක් හරි කර ගන්න බලන්න. ලංකාවෙ උන් කට්ටියක් ජේසුස් වහන්සේ නැගිටිනකන් බලන් ඉන්නවා , අනිත් සෙට් එක රාවනා නැගිටිනකන් බලන් ඉන්නව, ඔච්චරයි අඩු වෙලා තිබ්බේ.
මෙවැනි අමන වසලයින්ට ප්‍රතිචාර දැක්වීම තවත් අමන ක්‍රියාවකි. කාලය සහ ශ්‍රමය නාස්ති කිරීමකි. හොදම පිලිතුර නිශ්ශබ්දතාවයයි.
ඔව් මට පේනවා රට බේරගන්න නැවත මයිනා කරලියට එනවා. හෙට අනිද්දා නිකුත්වීමට නියමිත තවත් අලුත් නාටකයක පූර්ව ප්‍රචාරක පටයක් මේක.
නෙඩුමාරන්ට කොටින්ට උත්තර දීපු විදිහට උත්තර දෙන්න.
නැඩුමාරන්ට ප්‍රභාව හැමදාම හීනෙන් පේනව ඇති. ඒකයි ඔය මනුස්සය දොඩවන්නෙ.?