(සනත් ගමගේ )
ජනතා විමුක්ති පෙරමුණේ සභිකයින් ගේ වැටුප් සම්බන්ධව ඇතිවූ සංවාදයක් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සභිකයෝ අද (14) අම්බලන්තොට ප්‍රාදේශීය සභාවෙන් පිටව ගියහ.
ප්‍රාදේශීය සභාවේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා සභාවේ දීමනාව ලබා ගත්තාද එසේනම් මේ ලබාගත් මුදල කොපමණද ලබා නොගත්තානම් සභාවේ ඉතුරු මුදල ප්‍රමාණය කොපමණ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන සභික චන්ද්‍රකුමාර මහතා ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙන්න සභාව පැවති සියලුම කාලසීමාවේදීඅදාල දීමනාව ලබා ගත් බවඅම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපතිහේමචන්ද්‍ර ඉලේසිංහ මහතා පැවසීය
සභාපතිවරයාගේ ප්‍රකාශය ප්‍රකාශයට පත් කරනවාත් සමගම ජනතා විමුක්ති පෙරමුණේ සභාවට පැමිණ සිටි මන්ත්‍රීවරුන් තිදෙනා දැඩි ලෙස වාග් ප්‍රහාරයක් එල්ල කරමින් මේ සම්බන්ධව අදහස් පළ කිරීමට අවශ්‍ය බව කියා සිටියේය.
මන්ත්‍රීවරයෙක් ඉතිරි ඉදිරිපත් කර ප්‍රශ්නයකට සභාපති වරයා පිළිතුරු ලබා දීමෙන් පසුඒ සම්බන්ධව ප්‍රකාශයක් කිරීමට නොහැකි බව රීති ප්‍රශ්නයක් මතුකරමින්සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුප්‍රකාශ කළ විටසභාව උණුසුම් උණුසුම් විය.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින්සභාවට පැමිණ සිටි විපුල විජේදාසධම්මික රාජපක්ෂ ප්‍රියංකා ඩැනියෙල් යන සභිකයින් තිදෙනාසමාගමෙන් පිටව ගියහ.
එම තිදෙනා සභා ගැබෙන් පිටව ගිය පසුසභාව සුපුරුදු පරිදි පැවැත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේවීපී මෝඩයො
පඩි ගැන අහපු ප්‍රශ්නයට උත්තර දෙන්න අවස්තාවක් නොදීමට විරෝධය පා පිටව ගියා යනුවෙන් නිවැරදි විය යුතුයි.
අහපු ප්‍රශ්නය ට උත්තර ලැබුනද.
ජවිපෙ මංත්‍රීවරු තමන් ගේ වැටුප පක්‍ෂයේ අරමුදලකට බැර කර ඒ මුදල් වලින් සහන සේවා වල නිරතවන බව නොදන්නේද? සුනාමියෙන් දකුණු නැගෙනහිර ප්‍රදේශ විනාශයට පත් වූ වෙලාවේ එම ප්‍රදේශවල ජනතාවට මාස ගනනක් යනතුරු ආහාර පාන, බෙහෙත් ආදිය ලබාදෙමින් රැක බලාගත්තේ එම අරමුදල් වලින්. විනාශ වුනු ගාල්ල බස් නැවතුම නැවත ඉදි කළා. මුහුදුබඩ දුම් රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කළා. ඒවා අමතකද?
හොරකම්, කොමිස් ගහන්නේ නැතිව, නීත්‍යානුකූලව ලැබෙන වැටුප අරන් උපරිම සේවයක් ජනතාවට ලබාදුන්නාම ඇති වැරැද්ද කුමක්ද? වැටුප නැතිව ඔවුන් ජීවත් වෙන්නේ හොරකම් කරලාද? වැටුප් ගන්න හොඳ ප්‍රධාන පක්ෂ දෙකේ මිනිස්සුන්ට පමණද?
පඩිය ගත්තහම මොකද. ඒක ඒයාලට හිමි දේ. හොරකමක් කරල වගේ නිවුස් එකක්නි මේක. අනිත් කාරණය ඔහුන්ට සභාවේ පිළිතුරු දීමට අවස්ථාවක් නොදුන් බව නිවුස් එකේ හිතා මතාම අයින් කරලා තියෙනවා. පිලිතුරු දීමට අවස්ථාවක් නොදීම නිසා තමයි එයාල පිටවෙලා ගියේ.
චන්දෙ කල් යයි වගේ .මේවගේ ඒවා පස්සේ දාන්න ඉතුරු කරලා තියාගන්න
ඕක තමයි සැබෑ තත්ත්වය....
සතේකට විස්වාස කරන්න බැරි පට්ට හොරු
රනිල් රාජජක්ෂ ජුදාස් වෙලානේ... හොරු කොහේ අල්ලන්නද?